ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන අවසන් වන තෙක් කිසිදු මැතිවරණයක් පැවැත්වීමේ ඉඩක් නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට හා මැතිවරණ කොමිසම දැනුවත් කර ඇතැයි වාර්තා වෙයි.
වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000ක (ඩැට්) දීමනාව තමන්ටද ලබාදෙන ලෙස බලකරමින් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ වෘත්තීය සමිති 72කට අයත් ලක්ෂයකට අධික සාමාජිකයන් අනිද්දා (02දා) සිට යළි වෘත්තීය ක්‍රියාමාර්ග වෙත අවතීර්ණවීමට තීරණය කර ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත සංශෝධනය කිරීමේ කටයුතු ආරම්භ කොට වසර 19ක් ගතවී ඇතත් පනතේ සංශෝධන කටයුතු තවමත් අවසන් වී නොමැති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වෙයි.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් ලක්ෂ 1,103 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් 2024.03.29 වන දින තහනමට ගෙන ඇති අතර, එම දේපල සහ වාහන නිරීක්ෂණය කිරීම සදහා පොලිස්පතිතුමා සහභාගි විය.
පාස්කු බෝම්බ ප්රහාරයන් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙලිකළ බව කියන පුද්ගලයා හඳුනාගැනීමට රහස් පොලිසිය විසින් විශේෂ ස්ථානයක කැමරා පද්ධතියක් පරීක්ෂාවට ලක් කළ බවට සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
ගාසා තීරයේ ජනතාවට බාධාවකින් තොරව මානුෂීය ආධාර සැපයීමට අවස්ථාව සලසන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජාත්‍යන්තර අධිකරණය නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අනාචාරයේ හැසිරෙන කාන්තාවන් ප්‍රසිද්ධියේ ගල් ගසා මරණයට පත්කිරීමේ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් පාලනය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
මුහුදුබඩ මාර්ගයේ කොළඹ මහ නගර සභාව විසින් සිදු කරනු ලබන නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (30) දින දුම්රිය ගමන් වාර 25ක් අවලංගු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.