Editor

Editor

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රාන්තයේදී පසුගිය වසරේ අගභාගයේ සිදු වූ මාරක දුම්රිය අනතුරට හේතුව එහි රියැදුරන් සිය ජංගම දුරකතන ඔස්සේ ඉන්දීය පිල සහභාගි වූ ක්‍රිකට් තරගයක් නැරඹීම බව එරට දුම්රිය සේවා ඇමැති ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

පාකිස්තානයේ වයඹ දෙසින් පිහිටි කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේ හටගත් අනපේක්ෂිත හිමපතනය සහ අධික වර්ෂාව හේතුවෙන් පුද්ගලයන් 35 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය සති අන්තයේදී මේ ඛේදවාචකය සිදු වී ඇති අතර, මියගිය පිරිස අතර දරුවන් 22 දෙනකු සිටින බව ද වාර්තා වේ.

පාකිස්තානයේ පසුගියදා පැවැති මහමැතිවරණයේදී ඡන්ද අක්‍රමිකතා සිදු වූ බවටත්, ඡන්ද මංකොල්ලයක් සිදු වූ බවටත් චෝදනා කරමින් හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ ටෙහ්රිකි ඉන්සාෆ් පක්ෂයේ හිතවාදීන් ඉස්ලාමාබාද් නුවර විරෝධතාවක නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පාසල් සහ පාසල් පරිශ්‍ර දේශපාලන වේදිකා වශයෙන් භාවිත කිරීම තහනම් කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් ආණ්ඩුකාරවරුන් වෙත දැනුම් දී තිබේ. ඊට අදාළව ජනාධිපතිවරයා ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, විෂය භාර ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

කාන්තා හිංසනය ඇතුළු චෝදනා රැසක් මත ඉරාන රජයට එරෙහිව පසුගිය වසර කිහිපය තුළ විරෝධතා උත්සන්න වීම හේතුවෙන් ඉරාන මහමැතිවරණයේ ඡන්ද භාවිතය ඉතිහාසයේ පළමුවරට 50% කට වඩා පහත වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වසරකට මගීන් මිලියන 120ක් සංචාරය කිරීමේ පහසුව සලසන ධාවන පථ 6කින් සමන්විතව ලොව විශාලතම ගුවන්තොටුපොළ සෞදි අරාබියේ ඉදි කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ආයුධ සන්නද්ධ කල්ලියක් හයිටි රාජ්‍යයේ විශාලතම බන්ධනාගාරයකට කඩා වැදීමෙන් එරට පැය 72ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website