Editor

Editor

වසර 2023දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඉන්දීය ජාතිකයන් මිලියන 2.46ක් සංචාරය කර ඇතැයි එරට දත්ත සංඛ්‍යාලේඛන වාර්තාවලින් අනාවරණය වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බටහිර අප්‍රිකානු රටක් වන බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ මුස්ලිම් දේවස්ථානයක සිදුවූ වෙඩි ප්‍රහාරයකින් ඉස්ලාම් බැතිමතුන් 12 දෙනකුට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා “ගාසා හි ළමා අරමුදලක් (Children of Gaza Fund)” පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

අවස්ථා 11කදී අය-වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙරට කීර්තිමත් දේශපාලනඥයකු මෙන්ම හිටපු මුදල් හා ක්‍රමසම්පාදන ඇමැතිවරයකු වූ රොනී ද මැල් මහතා අභාවප්‍රාප්ත විය.

අඩපණ වූ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීම සඳහා රුපියල් කෝටි 2000ක මුදලක් වාණිජ බැංකු හා බලපත්‍රලාභී මූල්‍ය ආයතන හරහා සහනදායී පොලී අනුපාතයන් යටතේ ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර තිබේ.

නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ සේසත හෝටලයේදී පැවති මාතලේ දිසාවේ පළාත් පාලන ආයතනයන්හි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් හා පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ හමුවේදී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය සදහා

පෙර පාසල් ගුරුවරුන් සිදුකරනු ලබන මෙහෙය අතිශයෙන්ම උත්තරීතර බව පාර්ලිමේන්තු මංත්‍රී සම්පත් අතුකෝරල මහතා ගාල්ල හෝල්ඩි ගෝල් ශාලාවේ මේවන විට පැවැත්වෙන ගුරු අභිමානි උපහාර උළෙල අමතමින් පැවසීය.

අඟහරුවාදා, 27 පෙබරවාරි 2024 07:15

හම්බන්තොට වරාය මියන්මාර වරායට…

හම්බන්තොට ප්‍රදේශයේ යටිතල පහසුකම් සඳහා දැනටමත් සිදුකර ඇති පුළුල් ආයෝජන ජාතික ආර්ථිකයට ප්‍රතිලාභ සැලසෙන අයුරින් සක්‍රීයව භාවිතයට ගැනීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

අඟහරුවාදා, 27 පෙබරවාරි 2024 07:10

ඇලෙක්සි නවාල්නිගේ දේහය මවට භාර දෙයි

රුසියානු විපක්ෂ නායකයා වන ඇලෙක්සි නවාල්නිගේ දේහය ඔහුගේ මව වෙත භාරදී තිබේ. ඔහුගේ ප්‍රකාශකයෙකු සහ සහායකයෙකු වන කිරා යර්මිෂ් ඉකුත් සෙනසුරාදා (24දා) පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඇලෙක්සිගේ දේහය ඔහුගේ මවට ලබා දෙන ලදී. අප සමඟ මෙය ඉල්ලා සිටි සියලුම දෙනාට බොහෝ ස්තූතියි, ලෙසය.

අඟහරුවාදා, 27 පෙබරවාරි 2024 07:09

ඉන්දියාවේ දිගම කේබල් පාලම විවෘත කරයි

ඉන්දීය රුපියල් කෝටි 979ක් වැය කර ඉදිකළ එරට දිගින් වැඩිම කේබල් පාලම සුදර්ශන් සේතු පාලම ඊයේ (25දා) මහජන අයිතියට විවෘත කෙරිණි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website