Editor

Editor

ලෝක අභ්‍ය­ව­කාශ ඉති­හා­සයේ පළ­මු­ව­තා­වට පෞද්ග­ලික සමා­ග­මක් විසින් සඳ වෙත යවනු ලැබූ රොක­ට්ටුව පෙරේදා සඳෙහි දක්ෂිණ ධ්‍රැව­යට පතිත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙ­රි­කාවේ හූස්ටන් නුවර කේන්ද්‍ර කර­ගත් පෞද්ග­ලික අභ්‍ය­ව­කාශ සමා­ග­මක් එම මෙහෙ­යුම සිදු කළ අතර,

ශ්‍රී ලංකා ආර්ථි­කය යථා තත්ත්ව­යට පත් කිරී­මට ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ප්‍රමුඛ රජය විසින් ගනු ලබන පිය­වර අමෙ­රිකා එක්සත් ජන­ප­දයේ කළ­ම­නා­ක­රණ සහ සම්පත් පිළි­බඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් වර්මා මහ­තාගේ ඇග­යී­මට ලක් විය.

ඉලක්ක ගත මට්ටමට වඩා උද්ධමනය නුදුරු කාලීනව ඉහළ යනු ඇතැයි අපේක්‍ෂා කරන බව මහ බැංකුව පවසයි. ප්‍රධාන වශයෙන්ම මෑත කාලීනව බදු සංශෝධනය සහ සැපයුම් අංශයේ අවහිරතා හේතුවෙන් මෙසේ උද්ධමනය නුදුරු කාලීනව අපේක්‍ෂිත මට්ටම ඉක්මවා ඉහළ යනු ඇත.

අත්තනෝමතික ලෙස හැසිරෙන වෘත්තිය සමිති නායකයින් සහ කඩාකප්පල් කාරී පිරිස් මර්ධනයට චීනය, සිංගප්පුරුව ආදී රටවල නායකයින් අනුගනය කල ක්‍රියා මාර්ග අනුගමනය කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

සිකුරාදා, 23 පෙබරවාරි 2024 12:14

රට පුරා හොර දොස්තරලා..

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

පිළිකාකාරක ඇතැයි තහවුරු වීමෙන් තමිල්නාඩුවේ බොම්බායි මිටායි තහනම්

සීනි සහ ඩයි වර්ග මිශ්‍ර කර යන්ත්‍රානුසාරයෙන් නිෂ්පාදනය කරන කැන්ඩි ෆ්ලොස් නමින් හඳුන්වනු ලබන ‘බොම්බායි මිටායි‘ රස කැවිලි විශේෂයේ පිළිකාකාරක අඩංගු බව තහවුරු වීමෙන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ එම රස කැවිලි නිපදවීම සහ අලෙවි කිරීම තහනම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම රස කැවිලි වර්ගයේ කොටස් පසුගියදා රසායනාගාර වෙත යවනු ලැබූ බවත්, එහි රොඩමයින් බී නමැති පිළිකාකාරක අඩංගු බව තහවුරු වූ බවත් චෙන්නායි නුවර ආහාර සුරක්ෂිතා නිලධාරි පී. සතිෂ් කුමාර් ප්‍රකාශ කර තිබේ. තමිල්නාඩු ප්‍රාන්තයේ එම තහනම ක්‍රියාත්මක කිරීමත් සමඟ තවත් ප්‍රාන්ත රැසක කැන්ඩි ෆ්ලොස් රස කැවිලි කොටස් රසායානාගාර පරීක්ෂාව සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

සීනි සහ ඩයි වර්ග මිශ්‍ර කර නිෂ්පාදනය කරන කැන්ඩි ෆ්ලොස් රස කැවිලි විශේෂය ලොව පුරා කුඩා දරුවන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් වී ඇති අතර, එය එම ප්‍රාන්ත ජනතාව අතර බුඩ්ඩි කා බාල් (මහළු ගැහැනියගේ හිසකෙස්) නමින් ප්‍රචලිතය. එහි අඩංගු පිළිකාකාරක සිරුරේ සියලු කොටස්වලට බලපෑම් එල්ල කිරීමේ හැකියාව පවතින බව ද අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

DMN

කොවිඩ් වයිරසය වැලඳීමෙන් සිදුවිය හැකි ජීවිත අවදානම තුරන් කිරීම සඳහා වසංගත සමයේදී ලොව පුරා කෝටි සංඛ්‍යාත ජනතාව ලබාගත් කොවිඩ් එන්නත් වර්ගවලින් හෘදය, මොළය හා රුධිර නාලිකා ආශ්‍රිතව දුර්ලභ රෝගාබාධ හටගැනීමේ අවදානමක් ඇතැයි විශේෂ පර්යේෂණ වාර්තාවකින් අනාවරණය වී තිබේ.

නවීන ලෝකයට ගැළපෙන පරිදි වෘත්තීය අධ්‍යාපනය ප්‍රතිසංවිධානය කර මෙරට තරුණ තරුණියන්ට තරගකාරී ලෝක රැකියා වෙළෙඳ පොළ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වටපිටාව සකසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මීට වසර අටකට පෙර ඉන්දියාවේ බැංකු පද්ධතියට හඳුන්වා දුන් ඒකාබද්ධ ගෙවීම් මුහුණුවර (UPI) මේ වන විට ලොව පුරා රටවල් 20ක ව්‍යාප්ත වී ඇතැයි ද, එය විදෙස් රටවල ඉන්දීය සංචාරකයන්ට අවශ්‍යතා සඳහා පහසු ගෙවීම් ක්‍රමයක් බවට පත් වී ඇතැයි ද ඉන්දිය මාධ්‍ය වාර්තා කළේය.

අමෙරිකාව සිව්වැනි වරටත් නිෂේධ බලය භාවිත කරමින් පලස්තීනයේ ගාසා තීරයට සටන්විරාමයක් සඳහා වන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල කෙටුම්පත ඉවත දැමූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website