ජාතික ආර්ථිකය මහජන සෞඛ්‍ය සහ පරිසරය සුරක්ෂිත කිරීමේ අරමුණින් HS කේත 217යටතේ වර්ගීකරණය කරන ලද කාණ්ඩ 122 ක භාණ්ඩ ආනයනය කිරීමේදී ප්‍රමිති සහ තත්ව ස්ථාපිත කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇත.
සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් සහ එහි කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 17 දෙනකු මුදා ගැනීමට ඉන්දීය නාවික හමුදාව සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 08 දෙනෙකු අතුළු පොලිස් නිලධාරීන් පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.
රජය විසින් විද්‍යුත් වාහන ආනයනය කිරීමට අවසර ලබා දීමට ගත් තීන්දුව හේතුවෙන් ඉකුත් වර්ෂයේ (2023) පළමු මාස නවයේ දී මෝටර් වාහන මත නිෂ්පාදන බදු ආදායම රුපියල් බිලියන 21.5 දක්වා සියයට 57.1කින් වැඩි වී ඇති බව මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන් වෙයි.
පසුගියදා යාපනයේදී පැමිණි පැවති ගුවන් හමුදා සංදර්ශනයක් සඳහා හෙලිකොප්ටර් හතරකින් හතර දෙනකු පැමිණ ඇති බව ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.
කුරුලු උණ ව්‍යාප්ත වීම හේතුවෙන් ඇන්ටාක්ටිකාවේ කලාප රැසක පෙන්ගුයින් ජනපදවලට වැඩි බලපෑමක් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.