Editor

Editor

බ්‍රහස්පතින්දා, 21 සැප්තැම්බර් 2023 09:57

සීක් නායකයාගේ ඝාතනය ගැන ඇමරිකාවේ අවධානය

කැනඩාවේදී ඝාතනයට ලක් වූ සීක් අන්තවාදී නායක හර්දීප් සිං නිජ්ජාර්ගේ මරණයට ඉන්දියාව වගකිවයුතු බවට කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ විසින් කර තිබෙන චෝදනාව සම්බන්ධයෙන් සිය රට බරපතළ ලෙස අවධානය යොමු කර ඇති බව ධවල මන්දිරය නිවේදනය කර තිබේ.

බ්‍රහස්පතින්දා, 21 සැප්තැම්බර් 2023 09:55

අපට අහිමි වන දේශීය නිෂ්පාදන ගැන ජනපති ලොවට කියයි

දේශගුණික ගැටළු හේතුවෙන් 2050 වන විට ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.5%ක් අහිමි වන බවට විශේෂඥයින් විසින් අනාවැකි පළ කර ඇති බවත්, එබැවින් ශ්‍රී ලංකාවේ දේශගුණික අනුවර්තන සැලැස්ම සඳහා ප්‍රවේශයන් ද්විත්වයක් අනුගමනය කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව ඊයේ (20) පැවති දේශගුණික අභිලාෂ පිළිබඳ සමුළුව අමතමින් පැවසීය.

බ්‍රහස්පතින්දා, 21 සැප්තැම්බර් 2023 09:50

පාස්කු විවාදය අද සහ හෙට

පාස්කු ඉරිදා ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදය අද සහ හෙට (21-22) පැවැත්වේ.

ඔස්ට්‍රේලියාව විසින් ඊයේ (19දා) නියඟයක් වැනි දරුණු කාලගුණ තත්ත්වයක් වුව ඇති විය හැකි ‘එල් නිනෝ’ තත්ත්වයක් රට තුළ ප්‍රකාශයට පත් කළේය. මධ්‍යම හා නැගෙනහිර ශාන්තිකර (පැසිෆික් ) කලාපය දේශගුණික විපර්යාසයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් අධික ලෙස උණුසුම් වීම් හේතුවෙන් මෙම තත්ත්වය ප්‍රකාශ කර තිබේ.

දසුන් ශානක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කිරීමට තීරණය වී ඇති බව වාර්තා වෙයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රිකට් ක්‍රීඩකයින් සහ නිලධාරීන් අටදෙනෙකුට එරෙහිව දූෂණ චෝදනා ගොනුකර තිබේ.

ජපානයේ ටෝකියෝ හි හචියෝජි හිදී පසුගියදා නිමාව දුටු 10 වැනි ලෝක සෞඛ්‍ය චිගොන්ග් තරඟාවලිය සඳහා රටවල් 26කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 235ක් සහභාගි වූහ.

කොළඹ වරායේ අද (20 දා) පැවැත්වෙන වෙන්දේසියකින් රුපියල් කෝටි ගණනක් වටිනා භාණ්ඩ තොගයක් කුණුකොල්ලයට ලබාගෙන වරාය පරිශ්‍රය තුළදීම දෙවැනි වෙන්දේසියක් පැවැත්වීමට එක්තරා කණ්ඩායමක් සැලසුම් කර ඇතැයි වරාය අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website