සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ දේශමාන්‍ය ආචාර්ය ලලිත් කොතලාවල මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකමට අදාළ පළමු සමාලෝචනය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ බලධාරීන් සමග කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ ඇත.
අන්තවාදී කණ්ඩායම්වලින් එල්ල වූ බෝම්බ තර්ජන හේතුවෙන් ප්‍රංශයේ පැරිස් නගරයට ආසන්නයේ පිහිටි ගුවන් තොටුපළවල් හයකින් හා සංචාරක ආකර්ෂණය දිනූ වර් සේලෙස් මාළිගයෙන් ජනතාව හා කාර්යමණ්ඩල සම්පූර්ණයෙන් ඉවත් කිරීමට බලධාරීන් විසින් පෙරේදා (18 දා) පියවර ගෙන තිබේ.
ඊශ්‍රායලයට සහාය පළ කිරීම සඳහා පෙරේදා (18 දා) එරට සංචාරයක නිරත වූ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් එරටින් නික්ම යද්දී එංගලන්ත අගමැති රිෂි සුනක් ද ඊයේ (19 දා) ඊශ්‍රායලයට සහය පළ කිරීම සඳහා එරටට පැමිණි බව විදෙස් මාධ්‍ය පවසයි.
2024 අයවැය නොවැම්බර් 13 වැනිදා සඳුදා දහවල් 12ට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය නිවේදනය කළේය.
වැඩබලන පොලිස්පතිවරයා පත් කිරීමට අදාළ ලිපිය තමා වෙත ලැබී ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (19දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණය උදෙසා දෙපාර්ශ්වයටම සරිලන මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට චීනය පූර්ණ සහාය ලබාදීමට සූදානම් බව චීන මුදල් ඇමැති ලියු කුං මහතා පැවසීය.
මේ වනවිට පෞද්ගලික විශ්වවිද්‍යාල 24 ක් විවෘත කිරීමට අනුමැතිය ලබා දී ඇති බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19දා) පැවසීය.
ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරය රෝහලකට එල්ල කරන ලද ප්‍රහාරය හේතුවෙන් එහි සිටි පන්සියයකට අධික පිරිසක් මරණයට පත්ව තිබේ.