Editor

Editor

බදාදා, 13 සැප්තැම්බර් 2023 13:14

ජනපතිගේ වැඩ බලන්න ඇමැතිවරු 04ක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් බැහැරව සිටින බැවින් එම කාලයේ ජනාධිපති යටතේ පවතින අමාත්‍යාංශ අධීක්ෂණය කිරීම සඳහා වැඩබලන අමාත්‍යවරුන් සිව් දෙනකු පත් කර ඇත.

සෞඛ්‍ය ඇමැතිවරයා, සෞඛ්‍ය ලේකම්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තනතුරුවලින් ඉවත් කරන ලෙස ඉල්ලමින් අද (13දා) සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතවීමට වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන එකමුතුව තීරණය කර ඇත.

අපනයන කර්මාන්තයේ ක්‍රියාකාරීත්වයට බලපාන පරිදි සරල කළ අගය එකතු කළ බදු (SVAT) ක්‍රමය අහෝසි කිරීමට මෑතදී ගත් තීරණය නැවත සලකා බලන ලෙස ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කරන බව ශ්‍රී ලංකාව පෙරේදා (11 දා) ජිනීවා හි ජගත් මානව හිමිකම් කවුන්සිලය හමුවේ අවධාරණය කළේය.

චැනල් ෆෝ නාලිකාවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විවිධ වීඩියෝ නිෂ්පාදනය කරන්නේ මාධ්‍යවේදී සමන් කුමාර රාමවික්‍රම විසින් විකුණන ලද වීඩියෝවලින් බව හිටපු හමුදා නිලධාරී කීර්ති රත්නායක මහතා සඳහන් කරයි.

ඒ නිසා මුලින්ම අත්අඩංගුවට ගත යුත්තේ සමන් කුමාර රාමවික්‍රම බවද හෙතෙම අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී පැවසීය.

පාස්කු ප‍්‍රහාරයේ මහමොළකරු බුද්ධි නිලධාරී සලේ නොවන බවත් සලේ යනු තවත් එක් ඉත්තෙක් පමණක් බවත් ඔහු එහිදී කියා සිටියේය.

පාස්කු ප්‍රහාරය පසුපස හිටියේ ඉන්දියනු හා සිංගප්පූරු බුද්ධි අංශ බවද ඔහු පෙන්වා දෙයි.

ප්‍රහාරයෙන් මියගිය විදේශිකයන් ගේ පවුල්වල අය එකතු වී මෙම ප්‍රහාරයට සම්බන්ධ අයගේ අය පවුල් පිටින් විනාශ කරන රහස් මෙහෙයුමක් ද ක්‍රියාත්මක කර ඇති බවද ඔහු එහිදී තව දුරටත් කියා සිටියේය.

 

 

CN

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවතත් දේශපාලනයට පිවිසීම සඳහා සූදානම් වෙමින් සිටින බවට ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

අඟහරුවාදා, 12 සැප්තැම්බර් 2023 14:46

ක්‍රීඩා ඇමැතිට අතුරු නියෝගයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාළ ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද ක්‍රීඩා අමාත්‍යවරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

අද මධ්‍යම රාත්‍රී සිට දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශ කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම සඳහා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ප්‍රවාහන ,

පාස්කු ප්‍රහාරයට අදාළව චැනල් 4 නාලිකාවේ වීඩියෝව සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව බි්‍රතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන කාර්යාලය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ත්‍රිත්වයක් ඇරඹීම සඳහා අනුමැතිය ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website