Editor

Editor

සිකුරාදා, 19 මැයි 2023 10:42

ඩොලරයේ මිල පහළට

අමෙරිකානූ ඩොලරයේ ගැනුම් මිල කලකට පසු රුපියල් 300ට වඩා අඩුවී තිබෙනවා.

"මේ රස්සාවෙ යෙදිලා ඉන්න මගේ මිතුරියකගෙ දරුවන් දෙන්නාට ඉස්කෝල 15කට වඩා මාරු වෙන්න වුණා. ඒ එයලාගෙ අම්මා ගණිකාවක් කියලා දැනගත්තාට පස්සේ. අපිත් කැමතියි දරුවන්ට උගන්වලා හොඳ තැනකට ගේන්න," යනුවෙන් බීබීසී සිංහල සමඟ අදහස් දැක්වූයේ ශ්‍රී ලංකාවේ ජීවත්වන ලිංගික ශ්‍රමික කාන්තාවකි.

සිකුරාදා, 19 මැයි 2023 10:21

වසන්ත මුදලිගේ අත්අඩංගුවට

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලීසිය විසින් ඊයේ දින (18)අත්අඩංගුවට ගෙන තිබේ.

සිකුරාදා, 19 මැයි 2023 10:17

ෂාෆ්ටර් ගේ දේහය ගොඩගනී

ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව සෙවීම සඳහා ඔහුගේ දේහය නැවත ගොඩගැනීමට අවශ්‍යව ඇතැයි පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඊයේ දින (18) ලිඛිතව ඉල්ලීමක් කර ඇත.

අනතුරකට ලක්වීමේ අවස්ථා කිහිපයකටත් මුහුණ දීලා

හැරී කුමරු, මේගන් කුමරිය සහ ඇගේ මව අමෙරිකාවේ නිව්යෝක් නුවරදී පැපරාසි ඡායාරූප ශිල්පීන්ගේ අනතුරුදායක හඹා යෑමකට හසු වූ බව කුමරුගේ ප්‍රකාශකයකු පැවැසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අද (19) රාත්‍රියේ සිට පැය 10 කාලයක් ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව අද රාත්‍රී 10 සිට හෙට (20) උදෑසන 08.00 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබයි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන හරහා රාජ්‍ය බැංකුවලින් ණය ලබාගත් ඇමැතිවරුන්ගේ සහ දේශපාලන හිතවත්කම් ඇති අයගේ අතිවිශාල ණය මුදල් කපාහැරීමට ආණ්ඩුව සූදානම් වනවා යැයි නිදහස් ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.

සාමාන්‍ය පෙළ 2022 (2023) විභාග ප්‍රවේශ පත්‍ර නොලද පාසල් විභාග අපේක්‍ෂකයන්ගේ ප්‍රවේශ පත්‍ර අද (18 දා) සිට විභාග දෙපාර්තමේන්තු අඅඅග ාදැබැඑිගකන යන නිල වෙබ් අඩවියට පිවිස බාගත කරගත හැකි යැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.

බ්‍රහස්පතින්දා, 18 මැයි 2023 09:18

සේවා තුනක් අත්‍යවශ්‍ය කරයි  

සේවා තුනක් අත්‍යවශ්‍ය බවට ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

සම්පත් බැංකුව, 1990 සුවසැරිය ගිලන් රථ සේවාවේ ‘Adopt an Ambulance’ ව්‍යාපෘතියට ආධාර කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 50ක මුදලක් පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කරන ලදි. සම්පත් බැංකුවේ ‘ජීවිතයට බලාපොරොත්තුවක්’ සමාජ සත්කාරක වැඩසටහන යටතේ සිදු කරනු ලැබූ මෙම කාලීන පරිත්‍යාගය තුළින් දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි සුවසැරිය ගිලන් රථ 10ක් නඩත්තු කිරීම වෙනුවෙන් අරමුදල් සම්පාදනය කිරීම විශේෂත්වයකි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website