බ්‍රහස්පතින්දා, 09 මැයි 2024 10:10

ලොව පුරා ඇස්ට්‍රසෙනෙකා එන්නත භාවිතයෙන් ඉවත් කර ගනී Featured

කොවිඩ් වයිරසයට එරෙහිව නිපදවනු ලැබූ ඇස්ට්‍රසෙනෙකා එන්නත ලොව පුරා සියලු රටවලින් ඉවත් කරගැනීමට එහි නිෂ්පාදන සමාගම පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කොවිඩ් නව ප්‍රභේදවලට ප්‍රතිචාර දක්වන යාවත්කාලීන කරනු ලැබූ නව එන්නත් විශාල වශයෙන් වෙළෙඳපොළට නිකුත් වීම හේතුවෙන් ඇස්ට්‍රසෙනෙකා සමාගම මේ තීරණය ගත් බව නිවේදනය කර ඇතැයි ද වාර්තා වේ. එම නිවේදනය නිකුත් කර ඇත්තේ ඇස්ට්‍රසෙනෙකා එන්නත තවදුරටත් භාවිතයට අවසර නැති බව යුරෝපා ඖෂධ ඒජන්සිය පෙරේදා නිවේදනය කිරීමෙන් පසුවය.

ඇස්ට්‍රසෙනෙකා එන්නත දුර්ලභ රෝගාබාධවලට හේතු විය හැකි බව මීට සති කිහිපයකට පෙර එම සමාගම එංගලන්තයේ මහාධිකරණයට නීත්‍යනුකූල ලිපි ලේඛන ඉදිරිපත් කරමින් පිළිගත් අතර, ඒ වනවිටත් ඇස්ට්‍රසෙනෙකා එන්නත්කරණයෙන් පසු එහි අතුරු ආබාධවලට ලක්වූවන් එංගලන්තයේ මහාධිකරණයේ නඩු 51ක් පවරා තිබූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඇස්ට්‍රසෙනෙකා එන්නත්කරණයට ලක්වීමෙන් සිය සෞඛ්‍ය තත්ත්වයට සිදුවූ හානියට පවුම් මිලියන 100ක පමණ වන්දි ඉල්ලා එම නඩු පවරා ඇතැයි ද වාර්තා වේ. කොවිඩ් වසංගත සමයේදී ලොව පුරා කෝටි සංඛ්‍යාත ජනතාව ලබාගත් විවිධ කොවිඩ් එන්නත් වර්ගවලින් හෘදය, මොළය හා රුධිර නාලිකා ආශ්‍රිතව දුර්ලභ රෝගාබාධ හටගැනීමේ අවදානමක් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂණ සඳහා සහාය වන ග්ලෝබල් වැක්සින් ඩේඩා නෙට්වර්ක් ආයතනයේ පර්යේෂකයන් මීට මාස කිහිපයකට පෙර පළමුවරට හෙළි කර තිබිණි.

DMN

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website