සංක්‍රමණික කාන්තාවන්ගේ දරුවන් වෙනුවෙන් පියවරුන් ලෙස පෙනී සිටීමට බ්‍රිතාන්‍ය පිරිමින් පවුම් දහස් ගණනක් අය කරන බව බීබීසීය කළ විමර්ශනයකින් හෙළි වී තිබේ.
මෙක්සිකෝවේ එන්සෙනාඩා හි පැවති මෝටර් රථ තරඟයක් අතරතුර සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි.
පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ බිරිය බුෂ්රා බීබී දැන් සිටින්නේ ඇප පිටය. දූෂිත අගමැතිවරු සම්බන්ධව වැඩි ප්‍රසිද්ධියක් උසුලන පාකිස්තානයේ ජනතාව හිටපු ක්‍රිකට් නායක ඉම්රාන්ගේ අවංකත්වය මත තැබූ විශ්වාසය බුෂ්රා බීබී මුළුමනින්ම බිඳ දමා ඇතැයි පසුගියදා අධිකරණයෙන් පිටත රැස් වූ ඉම්රාන් විරෝධී පාර්ශ්ව රැසක් විසින් චෝදනා එල්ල කර තිබේ.
මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන රියදුරන් සොයා ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
බතලගොඩ හා අම්බලන්තොට වී පර්යේෂණායතන හඳුන්වා දුන් At 362, Bg 300 හා Bg 352 වී ප්‍රභේද දිස්ත්‍රික් ගණනාවක ඉහළම අස්වැන්න ලබා දීමට සමත්ව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
ඉන්දියාව පෙට්‍රෝලියම් බොරතෙල් ටොන් එකකට රුපියල් 4,100 සිට බිංදුව දක්වා සුළං බද්ද අඩු කර ඇත.පෙට්‍රල්, ඩීසල් සහ ගුවන් ටර්බයින ඉන්ධන සඳහා වන සුළං බද්ද බිංදුවේ නොවෙනස්ව තබන ලදී.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙස පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ මධුෂාන් චන්ද්‍රජිත් පත්කර ඇත.මෙතෙක් එම ධුරය දැරුවේ වසන්ත මුදලිගේය.
රජය මෙතෙක් ලබාගෙන ඇති ණය හේතුවෙන් රටේ සෑම පුද්ගලයකුම රුපියල් දහතුන් ලක්ෂ තිස් හය දහස් නව සිය හතළිස් දෙකක (1336942) ණයකරුවකුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය වාර්තාවල දැක්වෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.