අද (31දා) මධ්‍යම රාත්‍රී සිට ඉන්ධන මිළ ගණන් නැවත වතාවක් මිළ පහළ දැමීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාව මගින් ඉදිකිරීම් අමුද්‍රව්‍ය ආනයනය කිරීමට ඇති හැකියාව සොයා බලා තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දෙයි.
ජලය මත පාවෙන සුර්ය බලාගාර දෙකක් ඉදි කිරීම සඳහා වන ව්‍යාපෘතියක් වෙනුවෙන් වූ ගිවිසුමක් අද (31) පෙරවරුවේ කොරියානු නියෝජිතයින් සහ විදුලිබල අමාත්‍යංශයේ නිලධාරීන් අතර අත්සන් තැබීය.
ආගමික සංහිඳියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳ සොයා බලා ක්‍රියාත්මක වීමට වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
ඉන්දියාවේ කුකුළු ගොවිපළ පහකින් දිනකට බිත්තර ලක්ෂ දහය බැගින් ආනයනය කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය වාණිජ විවිධ සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය.
නීතිවිරෝධී සංක්‍රමණිකයන් ලෙස ශ්‍රී ලාංකිකයින් බ්‍රිතාන්‍යයට පැමිණීම වැළැක්වීම සඳහා එක්සත් රාජධානිය ශ්‍රී ලංකා රජයෙන් සහාය ඉල්ලා තිබේනවා.
අඟහරුවාදා (30) මධ්‍යම රාත්‍රියේ සිට බන්ධන කෝටාව ඉහළ දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා
ශ්‍රී ලංකාව තුළ සිදුවන මහා පරිමාණයේ මූල්‍ය වංචා Financial scandals විභාග කිරීම සඳහා නව උසාවියක් පිහිටු වීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයට අවධාරණය කර තිබෙනවා.