Editor

Editor

බ්‍රහස්පතින්දා, 25 ජූලි 2024 11:29

රාජ්‍ය සේවකයින්ට විශේෂ නිවාඩුවක්

පසුගිය මැයි සහ ජුනි මාසවල ජල ගැලීම්, ගංවතුර, නායයෑම් හා මාර්ග අවහිරතා හේතුකොට ගෙන සේවයට නොපැමිණි රාජ්‍ය සේවකයින් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.

බ්‍රහස්පතින්දා, 25 ජූලි 2024 11:26

බාහු සහෝදරයා නික්ම යයි

නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

බ්‍රසීලයේ සමුද්‍ර ජීවවිද්‍යාඥයන් පිරිසක් විසින් සිදු කරනු ලැබූ පරීක්ෂණයකට අනුව රියෝ ද ජැනයිරෝ මුහුදු සීමාවෙන් අල්ලා ගත් මෝරුන් 13 දෙනකුගේ සිරුරු තුළ කොකේන් අඩංගුව තිබූ බව තහවුරු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෝරුන්ගේ මාංශපේශී සහ අක්මාවෙහි කොකේන් අඩංගුව තිබු බව එම පරීක්ෂණයෙන් තහවුරු වී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර වෙඩිතැබීමේ සිද්ධිය වළක්වා ගැනීමට නොහැකිවීම රහස් ඔත්තු සේවාවල වරදක් බවට රහස් ඔත්තු ප්‍රධානී කිම් චීට්ල් මහත්මිය පිළිගෙන සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමත් සමග මෙම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක වන කාලසීමාව තුළ පොලිස්පති තනතුර සඳහා නීතියට අනුකූලව සුදුසු අයෙකු නම් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට නියම කර ඇත.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිධුරයේ කටයුතු කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

වතු කම්කරුවෙකුගේ (තේ සහ රබර්) දෛනික අවම වැටුප රුපියල් 1700 බව සඳහන් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA), සංචාරක අමාත්‍යාංශය සහ තවත් ප්‍රධාන ආයතන හතරක් සමඟ එක්ව සංචාරක ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා ඓතිහාසික අවබෝධතා ගිවිසුම් (MoU) අත්සන් කිරීම පසුගියදා කොළඹදී සිදුකරනු ලැබී ය.

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාට හා නයන වාසුල යන අයට මරු කැඳවූ වෙඩිතැබීමට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

තරුණ සේවා සභාව යොදා ගනිමින් රට පුරා කෝටි ගණන් වියදම් කරමින් රටේ මුදල් කාබාසිනියා කරමින් ඇතැයි පාර්ලිමේන්තු නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website