ඉන්දියාව සමඟ ඇතිකරගත් රාජ්‍යතාන්ත්‍රික මතභේදය හේතුවෙන් මාලදිවයිනේ සංචාරක ව්‍යාපාරයේ දැඩි පසුබෑමක් උද්ගත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ලෝක අභ්‍යවකාශ ඉතිහාසයේ පළමුවතාවට පෞද්ගලික සමාගමක් විසින් සඳ වෙත යවනු ලැබූ රොකට්ටුව පෙරේදා සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට පතිත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකාවේ හූස්ටන් නුවර කේන්ද්‍ර කරගත් පෞද්ගලික අභ්‍යවකාශ සමාගමක් එම මෙහෙයුම සිදු කළ අතර,
පිළිකාකාරක ඇතැයි තහවුරු වීමෙන් තමිල්නාඩුවේ බොම්බායි මිටායි තහනම්
සීනි සහ ඩයි වර්ග මිශ්‍ර කර යන්ත්‍රානුසාරයෙන් නිෂ්පාදනය කරන කැන්ඩි ෆ්ලොස් නමින් හඳුන්වනු ලබන ‘බොම්බායි මිටායි‘ රස කැවිලි විශේෂයේ පිළිකාකාරක අඩංගු බව තහවුරු වීමෙන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ එම රස කැවිලි නිපදවීම සහ අලෙවි කිරීම තහනම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම රස කැවිලි වර්ගයේ කොටස් පසුගියදා රසායනාගාර වෙත යවනු ලැබූ බවත්, එහි රොඩමයින් බී නමැති පිළිකාකාරක අඩංගු බව තහවුරු වූ බවත් චෙන්නායි නුවර ආහාර සුරක්ෂිතා නිලධාරි පී. සතිෂ් කුමාර් ප්‍රකාශ කර තිබේ. තමිල්නාඩු ප්‍රාන්තයේ එම තහනම ක්‍රියාත්මක කිරීමත් සමඟ තවත් ප්‍රාන්ත රැසක කැන්ඩි ෆ්ලොස් රස කැවිලි කොටස් රසායානාගාර පරීක්ෂාව සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
සීනි සහ ඩයි වර්ග මිශ්‍ර කර නිෂ්පාදනය කරන කැන්ඩි ෆ්ලොස් රස කැවිලි විශේෂය ලොව පුරා කුඩා දරුවන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් වී ඇති අතර, එය එම ප්‍රාන්ත ජනතාව අතර බුඩ්ඩි කා බාල් (මහළු ගැහැනියගේ හිසකෙස්) නමින් ප්‍රචලිතය. එහි අඩංගු පිළිකාකාරක සිරුරේ සියලු කොටස්වලට බලපෑම් එල්ල කිරීමේ හැකියාව පවතින බව ද අනාවරණය වී ඇතැයි වාර්තා වේ.
DMN
කොවිඩ් වයිරසය වැලඳීමෙන් සිදුවිය හැකි ජීවිත අවදානම තුරන් කිරීම සඳහා වසංගත සමයේදී ලොව පුරා කෝටි සංඛ්‍යාත ජනතාව ලබාගත් කොවිඩ් එන්නත් වර්ගවලින් හෘදය, මොළය හා රුධිර නාලිකා ආශ්‍රිතව දුර්ලභ රෝගාබාධ හටගැනීමේ අවදානමක් ඇතැයි විශේෂ පර්යේෂණ වාර්තාවකින් අනාවරණය වී තිබේ.
මීට වසර අටකට පෙර ඉන්දියාවේ බැංකු පද්ධතියට හඳුන්වා දුන් ඒකාබද්ධ ගෙවීම් මුහුණුවර (UPI) මේ වන විට ලොව පුරා රටවල් 20ක ව්‍යාප්ත වී ඇතැයි ද, එය විදෙස් රටවල ඉන්දීය සංචාරකයන්ට අවශ්‍යතා සඳහා පහසු ගෙවීම් ක්‍රමයක් බවට පත් වී ඇතැයි ද ඉන්දිය මාධ්‍ය වාර්තා කළේය.
අමෙරිකාව සිව්වැනි වරටත් නිෂේධ බලය භාවිත කරමින් පලස්තීනයේ ගාසා තීරයට සටන්විරාමයක් සඳහා වන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල කෙටුම්පත ඉවත දැමූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
බන්ධනාගාරයකදී මිය ගිය රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිගේ සිරුර පවුලේ සාමාජිකයන්ට භාර දීමට සති දෙකක කාලයක් ගතවන බවට බලධාරීන් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
දකුණු කොරියාවේ වෛද්‍ය විද්‍යාලවලට ලබන වසරේ සිට නවක සිසුන් බඳවා ගැනීම දෙදහසකින් වැඩි කිරීමට රජය ගත් තීරණයට විරෝධතාව පළ කරමින් එරට පුහුණු වෛද්‍යවරු 6415ක් ඉල්ලා අස්වීමේ ලිපි භාර දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
බන්ධනාගාරයේදී මිය ගිය බව කියන රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිට එරට බ්‍රිතාන්‍ය සහ අමෙරිකානු තානාපතිවරු සිය අවසන් ගෞරවය දැක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
බ්‍රිතාන්‍යයේ ලියාපදිංචි භාණ්ඩ නෞකාවකට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බවත්, මේ වන විට එම නෞකාව ගිලී යෑමේ අවදානමකට ලක්වී ඇති බවත් හවුති කැරලිකරුවන්ගේ ප්‍රකාශකයකු එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.