කුරුලු උණ ව්‍යාප්ත වීම හේතුවෙන් ඇන්ටාක්ටිකාවේ කලාප රැසක පෙන්ගුයින් ජනපදවලට වැඩි බලපෑමක් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊශ්‍රායලය සහ පලස්තීනය අතර සිරකරුවන් නිදහස් කරගැනීම සඳහා ඊජිප්තුවේ සහ කටාර් රාජ්‍යයේ මැදිහත්කරුවන්ට නව සටන් විරාම යෝජනා ඉදිරිපත් කර ඇතැයි හමාස් සංවිධානය ප්‍රකාශ කර තිබේ. අල් ජසීරා පුවත් සේවය සඳහන් කරන්නේ හමාස් සංවිධානය සටන් විරාම යෝජනා ඉදිරිපත් කර ඇත්තේ සිව්වැනි වරට බවය.
කැනඩාවේ ඔටාවා අගනුවරට ආසන්න බාර්හෙවන් ප්‍රදේශයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයන් හය දෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින ෆෙබ්‍රියෝ ද සොයිසා නමැති ශ්‍රී ලාංකික සිසුවා එළඹෙන 28 දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඔටාවා අධිකරණය නියෝග කර තිබේ.
ව්‍යාජ මුදල් නෝට්ටු, මිනිස් ජාවාරම් සහ මිසයිල කොටස් සැපයුම් වැනි නීතිවිරෝධී ක්‍රියාකාරකම් තුළින් පාකිස්තාන ජාතිකයන් ගෝලීය ජාවාරමක නිරතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ලොව පුරා තරුණ පරපුර අතර අතිශය ජනප්‍රිය ‘ටික්ටොක්‘ සමාජ මාධ්‍ය ජාලය රට පුරා තහනම් කිරිමට හැකියාව ඇති පනතක් අමෙරිකාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කරගනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
රුසියාවේ ස්වෛරීත්වයට තර්ජනයක් වන ඕනෑම අවස්ථාවක න්‍යෂ්ටික අවි ස්ථානගත කිරීමට සූදානම් බව ජනාධිපති ව්ලැදිමිර් පුටින් ප්‍රකාශ කර ඇතැයි මොස්කව් ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේය. රුසියාවේ න්‍යෂ්ටික අවි ගබඩාව ඇගැයීමට ලක් කරමින් පුටින් මේ අනතුරු ඇඟවීම සිදු කර ඇතැයි මොස්කව් ටයිම්ස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
ඉදිරි වසර 5 ඇතුළත රටේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සංවර්ධනය කිරීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 1.2ක මෙහෙයුමකට ඉන්දීය රජය අනුමැතිය ලබා දී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. සුපිරි පරිගණක ධාරිතාව ඉහළ දැමීමේ අරමුණින් මේ ක්‍රියාවලිය සිදු කිරීමට නියමිත බව ද වැඩිදුරටත් වාර්තා වේ.