මීට සති කිහිපයකට පෙර බ්‍රසීලයේ ඇමසන් වැසි වනන්තරයෙන් හමු වූ ලොව විශාලතම සර්පයා ලෙස විද්‍යාඥයන් විසින් හඳුන්වනු ලැබූ අඩි 26ක් දිගැති සර්පයා කුරිරු දඩයම්කරුවන් විසින් වෙඩි තබා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මුහුදට වැටුණු ආහාර මලු ගැනීමට ගිය පලස්තීන ජාතිකයන් 12 දෙනකු මුහුදේ ගිලී මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මොස්කව් නුවර ප්‍රහාරය පසුපස රැඩිකල් ඉස්ලාමීය කණ්ඩායමක් සිටින බව රුසියානු ජනාධීපති ව්ලැදිමිර් පුටින් පළමුවරට ප්‍රකාශ කර ඇතැයි අල්ජසීරා පුවත් සේවය වාර්තා කළේය. එහෙත් එම ප්‍රහාරයට යුක්රේනයේ සම්බන්ධයක් ඇතැයි ද ඔහු තවදුරටත් විශ්වාසය පළ කර තිබේ.
දකුණුදිග බ්‍රසීලයේ එස්පිරිටෝ සැන්ටෝ කඳුකර පළාතේ සහ රියෝ ද ජැනයිරෝ නුවර පසුගියදා හටගත් අධික වර්ෂාව සහ නාය යෑම් හේතුවෙන් පුද්ගලයන් 25 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද,
රුසියාවේ මොස්කව් නුවර ප්‍රසංග ශාලාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 140 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
රුසියාවේ මොස්කව් නගරයට ආසන්නයේ රංග ශාලාවකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් හානියක් නැතැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය ÒදිනමිණÓට ඊයේ (24) පැවසුවාය.
රුසියාවේ මොස්කව් අගනුවර ප්‍රසංග ශාලාවකට වෙඩික්කරුවන් පිරිසක් කඩා වැදී එල්ල කළ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 133 දක්වා ඉහළ ගොස් තිබේ.