ජාත්‍යන්තර පුවත්

ගාසා තීරයේ භූගත උමං මාර්ගවල ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් රඳවා සිටි බවට සාක්ෂි හමුව තිබෙනවා.

බ්‍රහස්පතින්දා, 11 ජනවාරි 2024 13:39

හවුති කැරලිකරුවන්ගේ ඩ්‍රෝන යානා 18ක් වනසයි

හමාස් සංවිධානයට සහය දක්වන යේමනයේ හවුති කැරලිකරුවන් විසින් රතු මුහුදේ යාත්‍රා කරන ජාත්‍යන්තර නැව් වෙත පහර දීම සඳහා යවන ලද ඩ්‍රෝන යානා 18ක් පහර දී බිම හෙළීමට ඇමරිකා එක්සත් ජනපදයේ හමුදාවන්ට අයත් මධ්‍යම අණදෙන ඒකකය විසින් ඊයේ(10) පියවර ගෙන තිබේ.

බ්‍රහස්පතින්දා, 11 ජනවාරි 2024 13:38

ඉන්දීය තරුණියක් භාෂා 140 කින් ගයා ගිනස් පොතට

දකුණු ඉන්දීය කේරළ ප්‍රාන්තයේ 18 හැවිරිදි තරුණියක් ඩුබායි නගරයේ පැවැති සංගීත ප්‍රසංගයකදී භාෂා 140 කින් ගීත ගායනා කර ගිනස් ලෝක වාර්තාවක් තබා ඇත.

බ්‍රහස්පතින්දා, 11 ජනවාරි 2024 13:35

ඉක්වදෝර රූපවාහිනී ආයතනයක් මැර ග්‍රහණයට

මුහුණු ආවරණ පැළඳගත් තුවක්කුකරුවන් පිරිසක් විසින් ඊයේ(10) සජීවීව විකාශන කටයුතු සිදු කරන ඉක්වදෝරයේ රජයේ රූපවාහිනී ආයතනයකට කඩා වැදී එහි කාර්ය මණ්ඩලය ප්‍රාණඇපකරුවන් වශයෙන් රඳවා ගැනීම හේතුවෙන් එරට දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබිණි.

වසර ගණනක් මුළුල්ලේ පැවැති ජාතික මට්ටමේ විවාදවලින් පසු දකුණු කොරියාවේ සම්ප්‍රදායයක් වන ආහාරය සඳහා බල්ලන් බෝ කිරීම හා මරා දෑමීම තහනම් කරමින් එරට පාර්ලිමේන්තුව විසින් ඊයේ (09දා) පනතක් සම්මත කරගෙන තිබේ.

ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් පෙරේදා (08දා) එල්ල කරන ලද ප්‍රහාරයකින් ලෙබනනයේ සිට ක්‍රියාත්මක වන හිස්බුල්ලා සංවිධානයේ ප්‍රධාන පෙළේ අණ දෙන නිලධාරිවරයෙකු වූ විස්සම් ටව්ල් හා තවත් හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයෙකු මරණයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ගාසා තීරයේ ඇවිලී පවතින සටන් නිම වීමෙන් පසු පලස්තීන ජාතිකයන්ට නැවත එම තීරයේ තිබෙන සිය නිවෙස් වෙත පැමිණීමට අවස්ථාව ලබා දිය යුතු බව මෙම දිනවල මැදපෙරදිග සංචාරයක නිරතව සිටින ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පවසා තිබේ.

අප්‍රිකාව, යුරෝපය ඇතුළු ලොව පුරා රටවල් ගණනාවක මිලියන ගණනක අනුගාමිකයන් සිටින ප්‍රකට නයිජීරියානු දේවගැතිවරයකු වන නැසී ගිය ටිබි ජොෂුවා දේවගැතිවරයා වසර ගණනක් මුළුල්ලේ සිය අනුගාමික කාන්තාවන් හා කුඩා ළමුන් විශාල පිරිසක් දූෂණයට හා ලිංගික හිංසනයට ලක් කර ඇති බව

බංග්ලාදේශයේ පැවැති මහ මැතිවරණයෙන් පාලක පක්ෂය වන අගමැතිනි ෂෙයික් හෂීනා මහත්මියගේ නායකත්වයෙන් යුතු අවාමි ලීගය ජයග්‍රහණය කළේය. ඒ අනුව ෂෙයික් හෂීනා සිව්වැනි වරටත් බංග්ලාදේශ අගමැතිනිය ලෙස තේරීපත් වූවාය.

ඉරිදා, 07 ජනවාරි 2024 10:09

චීනයේ මැද මිදුල

මැද මිදුලක් සහිත නිවාස ශ්‍රී ලාංකික අපට අමුත්තක් නොවේ. චීනයේ මෙම මැද මිදුල් සහිත නිවාස ඉදිකිරීම මිං (1368.1644) සහ කිං (1644.1911) රාජවංශ පාලන සමයේදී දක්නට ලැබුණ බැව් නැන්වැං විශ්වවිද්‍යාල ජර්නලය මගින් ප්‍රකාශිත පර්යේෂණ වාර්තාවක දැක්වෙනවා.

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website