පාකිස්තාන මහමැතිවරණයේදි සිරගත වී සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පාකිස්තාන ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ ස්වාධීන අපේක්ෂකයන් ඉදිරියෙන් සිටින බව වාර්තා වේ.
ඊයේ (08 දා) පැවැති පකිස්තාන මහා මැතිවරණයේදී දැනට සිරදඬුවම් විඳිමින් සිටින ‘පකිස්තාන් ටෙහ්රික් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ නායක හිටපු අගමැති ඉම්රාන් ඛාන්ද බන්ධනාගාරයේ සිට තැපැල් ජන්දය භාවිත කර ඇති බව පකිස්තානි ඉංග්ලිෂ් ඩේලි පුවත්පත වාර්තා කර තිබේ.
අභ්‍යවකාශයේ වැඩිම කාලයක් ගතකරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට රුසියානු ගගනගාමියකු වන ඔලෙග් කොනොනෙන්කෝ සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ජපානයේ රූ රැජන ලෙස පසුගියදා තේරී පත් වූ යුක්රේන සම්භවයක් සහිත තරුණිය විවාහකයකු සමඟ අනියම් ඇසුරක් පවත්වමින් සිටින බව තහවුරු වීමෙන් ඇගේ කිරුළ ආපසු භාර දීමට සිදු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කැරොලිනා ෂිනෝ නමැති 26 හැවිරිදි එම තරුණියගේ අනියම් ඇසුර එරට ටැබ්ලොයිඩ් පුවත්පතකින් පසුගියදා හෙළි කර තිබිණි.
පකිස්ථානයේ සන්නද්ධ කණ්ඩායමක් විසින් බර අවි යොදාගෙන උතුරු පකිස්තානයේ පොලිස් ස්ථානයකට එල්ල කරන ලද ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් 10 දෙනකු මියගොස් ඇති අතර තවත් 06 දෙනකු තුවාල ලබා තිබේ.