දකුණුදිග රුසියාවේ රොස්ටොව් කලාපයේ බන්ධනාගාරයකදී අයිඑස් ත්‍රස්ත සංවිධානයට අයත් රැඳවියන් පිරිසක් විසින් ප්‍රාණ ඇපයට ගත් නියාමකවරුන් දෙදෙනකු නිරුපද්‍රිතව මුදා ගැනීමට ආරක්ෂක නිලධාරීන් සමත් වී ඇතැයි එරට ‘ටාස්‘ පුවත් සේවය වාර්තා කළේය.
දකුණු අප්‍රිකාවේ වසර 30ක ඉතිහාසයේ පළමුවරට නෙල්සන් මැන්ඩෙලාගේ අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයට පසුගියදා පැවති මැතිවරණයෙන් පාර්ලිමේන්තු බහුතරය අහිමි වූවද,
දකුණුදිග ඉතාලියේ ජනතාව අතර දරිද්‍රතාව ඉහළ යෑමේ අවදානමක් ඇතැයි ඉතාලි පාර්ලිමේන්තුවේ පෙරේදා විපක්ෂය විසින් සිදු කළ ප්‍රකාශයකින් පසු ගුටිබැට හුවමාරුවක් සිදුවීමෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ආජෙන්ටිනා ජනාධිපති ජේවියර් මිලේගේ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය ඇතුළු විවිධ ක්‍රියාමාර්ග රැසක් ඇතුළත් මතභේදාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ පනතට එරට පාර්ලිමේන්තුවේදී 37ට 36ක් ලෙස එක් ඡන්දයකින් සම්මත වීමත් සමඟ බුවනෝස් අයර්ස් අගනුවර මහජන විරෝධතා දරුණු අතට හැරී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
වෙබ් අඩවි සහ පරිශීලකයන්ගේ අතරමැදියකු ලෙස කටයුතු කරමින් පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත සොරකම් කිරීමේ ජාවාරමක නිරත වු සයිබර් අපරාධකරුවකු අත්අඩංගුවට ගත් බව අමෙරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ගිනි අවියක් මිල දී ගැනීමේදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටීම හෙළිදරව් නොකිරීම හේතුවෙන් එරට ෆෙඩරල් නීතිය යටතේ පවරනු ලැබූ නඩුවෙන් අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පුත්‍රයා වන හන්ටර් බයිඩ්න් වරදකරු බවට තහවුරු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ටෝනේඩෝ අනතුරු ඇඟවීමක් හේතුවෙන් අවසන් මොහොතේ අවලංගු කළ උපාධි ප්‍රදානෝත්සවයක් වසර 50කට පසු පැවැත්වීමේ විස්මයජනක පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ලොව විශාලතම එළිමහන් වෙළෙඳපොළ ලෙස ප්‍රකට තායිලන්තයේ බැංකොක් අගනුවර පිහිටි චටුචක් සති අන්ත වෙළෙඳපොළේ පසුගියදා ඇති වූ ගින්නකින් එහි අලෙවිය සඳහා කූඩු කර තැබූ විවිධ වර්ගයේ සතුන් 1000කට වඩා මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.