තමන්ගේ ක්‍රියා ගැන මෙනෙහි කරන ලෙසත්, අන්‍යයන්ගේ වියදමින් තමන්ට ප්රතිලාභ උදාකර ගැනීම නවත්වන ලෙසත් නේටෝ සංවිධානයට සහ ඇතැම් රටවලට සිහිපත් කරවන බව චීනය කියාසිටී.
අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු සහ එලැඹෙන ජනාධිපතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකයාවන ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ඉරානයෙන් මරණ තර්ජන එල්ල වී ඇති බව එරට සීක්රට් සර්විස් ජනාධිපති ආරක්ෂක අංශය පවසයි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසිය ඇරඹේ. ඒ, පක්ෂයේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) බෙයිජිං අගනුවර දී ය.
අමෙරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් නම් කර තිබේ.
අමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේදී පෙරේදා පස්වරුවේ මැතිවරණ ප්රචාරක රැලියක් අමතමින් සිටි හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නාදුනන පුද්ගලයකුගේ වෙඩි ප්‍රහාරයකින් සිය ජීවිතය නූලෙන් බේරා ගත්තේය. 78 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා සිය කතාව ආරම්භ කර මිනිත්තු 7ක් ගතවෙද්දී එම වෙඩි ප්‍රහාරය එල්ල වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඇමරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් අගනුවර දී නොබෝදා නිමාවට පත් වූ නේටෝ (උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය) සමුළුවේදී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් සිය උප ජනාධිපතිනි කමලා හැරිස් තම මැතිවරණ ප්‍රතිවාදියා වන ඩොනල්ඩ් ට්‍රම්ප් ලෙසත්
වාර්ෂිකව පැවැත්වෙන දේශගුණික විපර්යාස සම්බන්ධ කෝප් සමුළුවලදී අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වයක් ඇතිවීමට බලපාන ගෝලීය උණුසුම ඉහළ යෑම අවම කරලීම සඳහා පරිසරයට අහිතකර හරිතාගාර වායුන් පරිසරයට මුදාහැරීම සීමා සම්බන්ධයෙන් සම්මුතීන්ට එළඹුණ ද ඒවා ක්‍රියාත්මක නොවීම හේතුවෙන්
ඉංග්‍රීසි ඕඩය තරණය කරමින් තිබූ සංක්‍රමණිකයන් සහිත බෝට්ටුවක් ගිලී යෑමෙන් පුද්ගලයන් සිව්දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි ප්‍රංශ වෙරළාරක්ෂක බළකාය ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අධික වර්ෂාව හේතුවෙන් සිදුවූ විශාල නායයෑමකින් බස් රථ දෙකක් නේපාලයේ ගඟකට වැටීමෙන් පුද්ගලයන් 63 දෙනකු අතුරුදන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.