අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඩොලර් මිලියන 354ක් ගෙවන ලෙස නිව්යෝර්ක් අධිකරණයක් නියෝග කර තිබේ.
රුසියානු විපක්ෂ දේශපාලන නායකයෙකු වන ඇලේක්සි නවාල්නිගේ මරණය සම්බන්ධයෙන් එරට ජනාධිපති ව්ලැඩිමිර් පුටින් වගකිව යුතු බව අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් චෝදනා කරයි.
එමිරේට්ස් රාජ්‍යයේ අබුඩාබි නුවර පසුගියදා විවෘත වූ පුරුෂෝත්තම් ස්වාමිනාරායන් මන්දිරය එරට ඉදි කළ පළමු හින්දු කෝවිල ලෙස ඉතිහාසයට එක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ජපානයේ දේශීය දළ නිෂ්පාදනය පසුගිය වසරේ අගභාගයේදී පහත වැටීම හේතුවෙන් ලොව විශාලතම ආර්ථිකයට හිමිකම් කියන රටවල් ලැයිස්තුවේ තුන්වැනි ස්ථානය ජර්මනියට ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
හෙස්බුල්ලා සංවිධානයේ රොකට් ප්‍රහාරයකින් ඊශ්‍රායලයේ සෙබළුකු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමට පිළිතුරු ලෙස පෙරේදා ඊශ්‍රායල හමුදාව දකුණු ලෙබනනයට එක දිගට එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි ද,
හිම සහිත අධික වර්ෂාපතනයක් ඇද හැලීම හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ඇතුළු නගර රැසකට ගංවතුර තත්ත්වයක් හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
බොලිවුඩ් නිළියක සහ ගායිකාවක වන මල්ලිකා රාජ්පුට් සියදිවි හානිකරගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. 37 හැවිරිදි මල්ලිකාගේ සිරුර උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි ඇගේ නිවෙසේ කාමරයක විදුලි පංකාවක එල්ලෙමින් තිබියදී සොයා ගත් බව පොලිසිය ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.
චීන මහජන විමුක්ති හමුදාවට අයත් ප්‍රහාරක ගුවන්යානා අටක් සහ යුද නෞකා 5ක් පැය විසිහතරක කාලයක් තායිවානය වටා ගමන් කිරීමක් නිරීක්ෂණය වූ බව එරට ජාතික ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඊශ්‍රායලයේ එෆ්.35 වර්ගයේ ප්‍රහාරක ගුවන්යානා සඳහා අමතර කොටස් සැපයුම වහාම නවත්වන ලෙස නෙදර්ලන්ත අභියාචනාධිකරණය එරට රජයට නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.