ඊශ්‍රායලය සහ හෙස්බුල්ලා සංවිධානය අතර යුද ගැටුමක උණුසුම වර්ධනය වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යෑමේ අවදානමක් මතු වී ඇතැයි ද, පෙරේදා වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 79.54 දක්වා 0.66% කින්ද,
එංගලන්තයේ නැඟෙනහිර ලන්ඩනයේ ඩාගින්හැම් ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක ඊයේ අලුයම විශාල ගින්නක් හටගෙන ඇති අතර, ගිනි නිවන හමුදා භටයන් 200කට අධික පිරිසක් එක්ව ගින්න මැඬ පැවැත්වීමට සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
වසර 1991දී නිදහස් රාජ්‍යයක් ලෙස ස්ථාපිත වීමෙන් පසු යුක්රේනයේ සංචාරය කළ පළමු ඉන්දීය රාජ්‍ය නායකයා ලෙස අගමැති නරේන්ද්‍ර මෝදි ඉතිහාසයට එක්වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය. රුසියාවේ සමීපතම මිතුරකු වන ඉන්දියාව එහි ප්‍රතිවාදී රටෙහි සංචාරය කිරිම ජාත්‍යන්තර මාධ්‍ය හා ලෝක රාජ්‍ය නායකයන්ගේ දැඩි අවධානයට ලක්වූ බවත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ගාසා තීරයේ සටන් විරාමය පිළිබඳ කිසිදු පාර්ශ්වයකින් සහයෝගයක් නොලැබීමත් සමඟ හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයේ නගර කිහිපයක් ඉලක්ක කරමින් රොකට් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ද, ඊට ප්‍රතිචාර දැක්වූ ඊශ්‍රායල හමුදාව දකුණු ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත දරුණු ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අප්‍රිකානු මහාද්වීපයේ දරුණු ලෙස ව්‍යාප්ත වූ වඳුරු උණ වසංගතය ආසියාවටත් පැතිරීමේ අවදානම ඉස්මතු කරමින් තායිලන්තයෙන් ආසාදිතයකු හඳුනා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඉතාලියේ සිසිලි දූපත ආසන්නයේදී ටොනේඩෝ කුණාටුවකට හසුවී මුහුදුබත් වූ ‘බයේසියන්’ සුඛෝපභෝගී සංචාරක යාත්‍රාවෙන් අතුරුදන් වූ පුද්ගලයන් 6 දෙනාගෙන් අවසන් මළ සිරුරත් ඊයේ සොයා ගත් බව ඉතාලි වෙරළාරක්ෂක බළකාය ප්‍රකාශ කර තිබේ.
වියට්නාමයේ යෙන් බායි ප්‍රාන්තයෙන් අතුරුදන්වූ 6 හැවිරිදි දරුවකු දින පහකට පසු වනාන්තරයකින් සොයා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වනාන්තර ආශ්‍රිත ගැමි පවුලකට අයත් ඩැං ටියාන් ලැම් නමැති එම පිරිමි දරුවා පසුගිය 17 වැනිදා අතුරුදන් වී ඇත්තේ තවත් දරුවන් පිරිසක් සමඟ වනාන්තරය අසල පිහිටි දිය පහරක් අසල ක්‍රීඩා කරමින් සිටියදී බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
වසර අටක් පුරා සොරකම් කරනු ලැබූ මළ සිරුරු දහස් ගණනකින් ලබාගත් අවයව කොටස්වලින් ජෛව ද්‍රව්‍ය නිෂ්පාදනය කර අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ චීන අධිකරණයකදී හෙළිදරව් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම ජාවාරම සිදු කර ඇත්තේ චීනයේ ප්‍රමුඛතම ජෛව ද්‍රව්‍ය සමාගමක් බව ද අධිකරණයේදී අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.