ජාත්‍යන්තර පුවත්

බංග්ලා­දේ­ශයේ සාප්පු සංකී­ර්ණ­යක හට­ගත් ගින්න­කින් අවම වශ­යෙන් පුද්ග­ල­යන් 46 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත් වී ඇතැයි ද, තවත් පුද්ග­ල­යන් විශාල පිරි­සක් තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වසර 2023දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඉන්දීය ජාතිකයන් මිලියන 2.46ක් සංචාරය කර ඇතැයි එරට දත්ත සංඛ්‍යාලේඛන වාර්තාවලින් අනාවරණය වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බටහිර අප්‍රිකානු රටක් වන බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ මුස්ලිම් දේවස්ථානයක සිදුවූ වෙඩි ප්‍රහාරයකින් ඉස්ලාම් බැතිමතුන් 12 දෙනකුට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අඟහරුවාදා, 27 පෙබරවාරි 2024 07:10

ඇලෙක්සි නවාල්නිගේ දේහය මවට භාර දෙයි

රුසියානු විපක්ෂ නායකයා වන ඇලෙක්සි නවාල්නිගේ දේහය ඔහුගේ මව වෙත භාරදී තිබේ. ඔහුගේ ප්‍රකාශකයෙකු සහ සහායකයෙකු වන කිරා යර්මිෂ් ඉකුත් සෙනසුරාදා (24දා) පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඇලෙක්සිගේ දේහය ඔහුගේ මවට ලබා දෙන ලදී. අප සමඟ මෙය ඉල්ලා සිටි සියලුම දෙනාට බොහෝ ස්තූතියි, ලෙසය.

අඟහරුවාදා, 27 පෙබරවාරි 2024 07:09

ඉන්දියාවේ දිගම කේබල් පාලම විවෘත කරයි

ඉන්දීය රුපියල් කෝටි 979ක් වැය කර ඉදිකළ එරට දිගින් වැඩිම කේබල් පාලම සුදර්ශන් සේතු පාලම ඊයේ (25දා) මහජන අයිතියට විවෘත කෙරිණි.

අඟහරුවාදා, 27 පෙබරවාරි 2024 07:06

පලස්තීන අගමැති ඉල්ලා අස්වෙයි

පලස්තීන බටහිර ඉවුරේ පාලනය හිමිකරගෙන සිටි අගමැති Mohammad Shtayyeh ගේ රජය ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මහ මැතිවරණයේදි සිදු වූ බව කියන අක්‍රමිකතා පිළිබඳ මෙතෙක් කිසිදු විසඳුමක් ගෙන නැති පසුබිමක පාකිස්තානයේ ජනාධිපතිවරණය ලබන මාර්තු මස 9 වැනිදා පැවැත්වීමට එරට මැතිවරණ කොමිසම තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

යුක්රේනය ආක්‍රමණය කිරීම සහ විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිගේ මරණය සම්බන්ධයෙන් රුසියාවට එරෙහිව නව සම්බාධක 500කට වැඩි ප්‍රමාණයක් අමෙරිකාව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ස්පාඤ්ඤයේ වැලෙන්සියා නගරයේ පිහිටි ඒකාබද්ධ නිවාස සංකීර්ණ ගොඩනැගිලි දෙකක ඊයේ (23දා) පැතිර ගිය විශාල ගින්නක් හේතුවෙන් පුද්ගලයන් 04 දෙනකු මිය ගොස් තවත් 15 දෙනකු පමණ තුවාල ලබා තිබිණි. මෙම ගින්නට මැදි වූ 9ත් 15ත් අතර පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

නාසා ආයතනය සහ පෞද්ගලික සමාගමක් එක්ව පළමු වරට සඳමතට ගොඩබස්වනු ලැබූ ඔඩිසියස් නමැති රොබෝ යානය මගින් කුඩා ප්‍රමාණයේ මූර්ති 125 ක්ද සඳමතට යවා ඇත.

336 x 200 Sinhala

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website