ජාත්‍යන්තර පුවත්

බ්‍රහස්පතින්දා, 07 මාර්තු 2024 09:06

හයිටි රාජ්‍යයට සිවිල් යුද්ධයක් අත වනයි

හයිටි රාජ්‍යයේ ආයුධ සන්නද්ධ කණ්ඩායම් එරට ගුවන්තොටුපොළ ආක්‍රමණය කිරීම හේතුවෙන් කෙන්යානු සංචාරයෙන් පසු නැවත සිය රට බලා පැමිණීමට නොහැකි වූ එරට අගමැති ඒරියල් හෙන්රි පුවර්ටෝ රැගත් ගුවන්යානය පුවර්ටෝ රිකා රාජ්‍යයට ගොඩබැස් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රාන්තයේදී පසුගිය වසරේ අගභාගයේ සිදු වූ මාරක දුම්රිය අනතුරට හේතුව එහි රියැදුරන් සිය ජංගම දුරකතන ඔස්සේ ඉන්දීය පිල සහභාගි වූ ක්‍රිකට් තරගයක් නැරඹීම බව එරට දුම්රිය සේවා ඇමැති ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

පාකිස්තානයේ වයඹ දෙසින් පිහිටි කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේ හටගත් අනපේක්ෂිත හිමපතනය සහ අධික වර්ෂාව හේතුවෙන් පුද්ගලයන් 35 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය සති අන්තයේදී මේ ඛේදවාචකය සිදු වී ඇති අතර, මියගිය පිරිස අතර දරුවන් 22 දෙනකු සිටින බව ද වාර්තා වේ.

පාකිස්තානයේ පසුගියදා පැවැති මහමැතිවරණයේදී ඡන්ද අක්‍රමිකතා සිදු වූ බවටත්, ඡන්ද මංකොල්ලයක් සිදු වූ බවටත් චෝදනා කරමින් හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ ටෙහ්රිකි ඉන්සාෆ් පක්ෂයේ හිතවාදීන් ඉස්ලාමාබාද් නුවර විරෝධතාවක නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අගමැති ඒරියල් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය පතයි

කාන්තා හිංසනය ඇතුළු චෝදනා රැසක් මත ඉරාන රජයට එරෙහිව පසුගිය වසර කිහිපය තුළ විරෝධතා උත්සන්න වීම හේතුවෙන් ඉරාන මහමැතිවරණයේ ඡන්ද භාවිතය ඉතිහාසයේ පළමුවරට 50% කට වඩා පහත වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වසරකට මගීන් මිලියන 120ක් සංචාරය කිරීමේ පහසුව සලසන ධාවන පථ 6කින් සමන්විතව ලොව විශාලතම ගුවන්තොටුපොළ සෞදි අරාබියේ ඉදි කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ආයුධ සන්නද්ධ කල්ලියක් හයිටි රාජ්‍යයේ විශාලතම බන්ධනාගාරයකට කඩා වැදීමෙන් එරට පැය 72ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අමෙරිකානු ඩොලර් මිලියන 1.8ක විදුලි බිල් නොගෙවීම හේතුවෙන් ඝානා රාජ්‍යයේ පාර්ලිමේන්තුවේ විදුලිය විසන්ධි කිරීමට එරට විදුලිබල සමාගම පියවර ගෙන තිබේ.

මහමැතිවරණයේ දූෂණ අක්‍රමිකතා පිළිබඳ චෝදනා රැසක් මැද නවාස් ෂරිෆ්ගේ පාකිස්තාන මුස්ලිම් ලීගය සහ බිල්වාල් භූතෝගේ පාකිස්තාන මහජන පක්ෂය එක්ව හවුල් රජයක් පිහිටුවීමෙන් පසු පාකිස්තානයේ නව අගමැතිවරයා ලෙස

336 x 200 Sinhala

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website