ජාත්‍යන්තර පුවත්

ඊශ්‍රායලය විසින් බීරූට් අගනුවර වෙත එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් හිස්බුල්ලා ත්‍රස්තවාදී සංවිධානයේ නායක හසන් නස්රල්ලා ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසයි.

ගාසා තීරයේ සහ දකුණු ලෙබ­න­නයේ ඊශ්‍රා­යල ප්‍රහා­ර­ව­ලට විරෝ­ධ­තාව පළ කර­මින් යේම­නයේ හවුති කැර­ලි­ක­රු­වන් ඊයේ ටෙල් අවීව් නුව­රට හයි­ප­ර්සො­නික් මිස­යිල ප්‍රහා­ර­යක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ලෙබ­න­නයේ ශ්‍රී ලංකා තානා­පති කාර්යා­ලය කියයි

සිකුරාදා, 27 සැප්තැම්බර් 2024 11:02

ඇමරිකානු ජනපතිගෙන් අනුරට සුබ පැතුම්

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පණිවුඩයක් යොමු කර තිබෙයි.

ලබන වසරේ පෙබරවාරි දක්වා අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානයේ සිරවී සිටීමට සිදුවී ඇති නාසා ආයතනයේ ගගනගාමීන් වන සුනිතා විලියම්ස් සහ බච් විල්මෝර් අමෙරිකාවේ එළැඹෙන ජනාධිපතිවරණයේදී එහි සිට සිය ඡන්දය භාවිත කිරීමට සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බ්‍රහස්පතින්දා, 26 සැප්තැම්බර් 2024 12:38

‘මොසාඩ්’ මූලස්ථානයට හෙස්බුල්ලා මිසයිල ප්‍රහාරයක්

-ගුවනේදීම විනාශ කළ බව ඊශ්‍රායලය කියයි

බ්‍රහස්පතින්දා, 26 සැප්තැම්බර් 2024 12:36

මැදපෙරදිග යුද්ධයට සහාය එපා අමෙරිකාව පුරා විරෝධතා

මැදපෙරදිග යුද්ධය ව්‍යාප්ත කිරීමට ඊශ්‍රායලයට සහාය නොදෙන ලෙස ඉල්ලා පලස්තීන සහ ලෙබනන් හිතවාදීන් අමෙරිකාව පුරා විරෝධතාවක නිරතවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කිනිතුල්ලන් සපා කෑමෙන් මිනිසුන් අතර පැතිරී යා හැකි ස්නායු රෝගාබාධ ඇතිකරන වයිරසයක් චීනයෙන් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තෙත්බිම් වයිරසය ලෙස හඳුන්වනු ලබන එම වයිරසය පළමු වරට සොයාගෙන ඇත්තේ 2019 වසරේදී එරට ජින්ෂෝ නුවර 61 හැවිරිදි පුද්ගලයකුට වැලඳීමෙන් පසුව බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ලෙබනනයේ හෙස්බුල්ලා සංවිධානය ඉලක්ක කරමින් ඊශ්‍රායල හමුදාව විසින් පෙරේදා පස්වරුවේ සිට ගුවන් මගින් හෙලනු ලබන අධිබරැති බෝම්බවලින් දකුණු ලෙබනනයේ දරුණු විනාශයක් සිදුවී ඇතැයි ද, පුද්ගලයන් 558 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉරානයේ නැඟෙනහිර පළාතේ ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් සේවකයන් 51 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website