ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී හමුවූ අවස්ථාවේදී, කැනේඩියානුවන්ගේ ආරක්ෂාව පිළිබඳව සාකච්ඡා කළ බවට කැනඩා අගමැති කළ ප්‍රකාශය ඉන්දියාව ප්‍රතික්ෂේප කර තිබේ. ආසියාන් සමුළුවට සමගාමීව ලාඕසයේදී මෙම හමුව සිදුවී ඇති අතර එහිදී නායකයන් දෙදෙනා සුබපැතුම් හුවමාරු කරගෙන ඇත.
පාකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයකින් හමුදා සෙබළුන් අටදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
තරුණයන්ට දැඩි හානියක් සිදුවීමට එරෙහිව සහ තරුණ පරපුර ආරක්ෂා කිරීම සඳහා අසමත් බව කියමින් අමෙරිකාවේ ප්‍රාන්ත 13ක් සහ කොලොම්බියා දිස්ත්‍රික්කය මගින් ටික්ටොක් සමාජ මාධ්‍යජාලයට නඩු පවරා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට මිල්ටන් සුළි කුණාටුව කඩා වැදීමෙන් එම ප්‍රාන්තයේ ඔර්ලන්ඩෝ නුවර පිහිටි ‘ඩිස්නි ලෝකය’ට ද ගංවතුර තර්ජන එල්ල වීමෙන් දින නියමයකින් තොරව වසා දැමීමට බලධාරීන් පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පැයට සැතපුම් 165ක් දක්වා වූ වේගයකින් හමා යන සුළං සහිත දරුණු සුළි කුණාටුවක් සේ සැලකෙන ‘මිල්ටන්’ සුළි කුණාටුව කඩා වැදීමට පෙර ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වැසියන් මිලියන ගණනක් ඊයේ (09) සිය නිවෙස්වලින් ඉවත් කිරීමට ඇමරිකානු බලධාරීන් විසින් පියවර ගෙන තිබිණි.