බංග්ලාදේශයට විදුලිය සැපයීම සඳහා ගිවිසුම්ගතව සිටින අදානි සමාගමට ලැබිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 500ක හිඟ මුදලක් ඉල්ලා එම සමාගමේ ප්‍රධානි ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි බංග්ලාදේශයේ අන්තර්වාර රජයට අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අමෙරිකාවේ නාසා ආයතනයේ ගගනගාමීන් දෙදෙනකු රැගෙන දින අටක පර්යේෂණ චාරිකාවක් සඳහා අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානයට ගිය ‘බෝයිං ස්ටාර්ලයිනර්’ යානය පසුගියදා ගගනගාමීන් රහිතව යළි පෘථිවියට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
චීනයට පෙරේදා (07) දිනය අවසානයේ කඩා වැදීමට නියමිතව තිබු බලවත් නිවර්තන සුළි කුණාටුවක් (ටයිෆුන්) ‘යැගි’ සුළි කුණාටුව හේතුවෙන් ප්‍රකට සංචාරක දූපතක් වන ‘හයිනන්’ දූපතෙන් හාරලක්ෂයක පමණ ජනතාවක් ඉවත් කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
නිල තොරතුරු සහ ලේඛන හෙළිදරව් වීම වැළැක්වීමේ අරමුණින් පාකිස්තානයේ සියලුම රජයේ සේවකයන්ට අවසරයකින් තොරව සමාජ මාධ්‍ය ජාලය භාවිත කිරීම තහනම් කිරීමට එරට රජය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
වසර 35කට පසු ඉන්දුනීසියාවේ සංචාරය කළ තුන්වැනි පාප්තුමා ලෙස ඉතිහාසයට එක්වෙමින් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පෙරේදා දැඩි ආරක්ෂක රැකවල් මැද ඉන්දුනීසියානු සංචාරය ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අගෝස්තු 23 වැනිදායින් අවසන් වූ සතිය ඇතුළත ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 7කින් ඉහළ ගොස් ඇතැයි එරට මහ බැංකුව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය කාලය ඇතුළත ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය වාර්තාගත අයුරින් වර්ධනය වූ බවත්,
ගාසා තීරයේදී මියගිය ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් ඊශ්‍රායල අගමැති, බෙන්ජමින් නෙතන්යාහු සිය රට වැසියන්ගෙන් සමාව ඉල්ලා තිබේ.