සිය ධුරකාලයේදී සිංගප්පූරු ඩොලර් ලක්ෂ 4ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 9කට අධික මුදලක්) අල්ලස් ගත් එරට හිටපු ජ්‍යෙෂ්ඨ කැබිනට් ඇමැතිවරයකුට වසරක සිරදඬුවම් නියම වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඉදිරියේදී ඊශ්‍රායලයට එල්ල වන ඕනෑම ඉරාන ප්‍රහාරයකදී අමෙරිකාවේ සහාය අඛණ්ඩව ලබාදෙන බව ජෝ බයිඩ්න් ප්‍රකාශ කර ඇති අතර, ඉරානයට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි අනතුරු ඇඟවීමක් ද කර තිබේ.
ලොව පුරා ජනප්‍රිය නවසීලන්තයේ මඕරි ගෝත්‍රික ප්‍රජාවේ සම්ප්‍රදායික හකා නර්තන විලාශයෙන් ලෝක වාර්තාව පසුගියදා එරට ඕක්ලන්ඩ් ප්‍රාන්තයේදී බිඳ වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අධික වර්ෂාවත් සමඟ උද්ගත වූ දරුණු ගංවතුර තත්ත්වයෙන් නේපාලයේ පුද්ගලයන් 204 දෙනකුට දිවි අහිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දින දෙකක් පුරා කත්මණ්ඩු අගනුවර ඇතුළු තදාසන්න පළාත්වලට ධාරාණිපාත වර්ෂාවක් ඇද වැටී ඇතැයි ද, පළාත් රැසක නාය යෑම් සිදුවී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
පොලිස් ජීප් රථයක් ඉලක්ක කරමින් පසුගියදා පාකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තයේ ක්වේටා නුවරදී පුපුරා ගිය බෝම්බයකින් පුද්ගලයන් 12 දෙනකු තුවාල ලබා ඇතැයි එරට ට්‍රිබියුන් පුවත් සේවය වාර්තා කළේය.