කෙන්යාවේ පාර්ලිමේන්තුවේ පැවැති ඓතිහාසික දෝෂාභියෝගයකින් දුෂණ වංචා රැසකට චෝදනා ලබා සිටි කෙන්යාවේ උප ජනාධිපති රිගාටි ගචගුවා නෙරපා හැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
උගුර හා ශ්වසන ආසාදනයෙන් මේ වසරේදී පාකිස්තානයේ කරච්චි නුවර දරුවන් සියයකට වැඩි සංඛ්‍යාවක් මිය ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යාලේඛනවල සඳහන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
දකුණු කොරියාව එකට යා කළ සියලු දේශසීමා මාර්ග සහ දුම්රිය මාර්ග සියල්ල උතුරු කොරියාව විසින් පුපුරුවා හැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කෘත්‍රිම බුද්ධි තාක්ෂණයට යොමුවීමේ අරමුණ ඇතිව ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලය සැලකිය යුතු ආකාරයෙන් අවම කිරීමට එම සමාජ මාධ්‍ය ජාලයේ හිමිකරු බයිට්ඩාන්ස් සමාගම පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ආසියානු පැසිෆික් කලාපයේ අතිශය වැදගත් රාජ්‍යයන් 18ක් නායකයන්ගේ සහ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් මේ වසරේ නැඟෙනහිර ආසියානු සමුළුව පසුගියදා ලාඕසයේ වියන්ටියන් අගනුවරදී පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
උතුරු අප්‍රිකාවේ පිහිටි ලොව විශාලතම තුන්වැනි කාන්තාරය ලෙස සැලකෙන සහරා කාන්තාරය වසර 50කට පසු පළමු වරට ගංවතුරට ලක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.