ජාත්‍යන්තර පුවත්

වරක් නෙල්සන් මැන්ඩෙලා නායකත්වය දුන් අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයට වසර 30ක ඉතිහාසයේ පළමු වරට පාර්ලිමේන්තු බහුතරය අහිමි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

2024 විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය බටහිර ඉන්දීය කොදෙව් සහ අමෙරිකාවේ සම සත්කාරකත්වයෙන් අද(02) ආරම්භ වනවා.

ජෙරුසලමේ පිහිටි ස්පාඤ්ඤ කොන්සල් කාර්යාලයට පනවා ඇති සීමා ඉවත් කරන ලෙස කර ඇති ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව ඊශ්‍රායල විදේශ අමාත්‍ය Israel Katz මහතා නිවේදනය කරයි. එම ඉල්ලීම ඉදිරිපත් කර තිබුණේ ස්පාඤ්ඤ විදේශ අමාත්‍ය Jose Manuel Albares මහතා විසිනි.

උතුරු සහ මධ්‍යම ඉන්දි­යාවේ ඇන අධික උෂ්ණ­ත්වය හේතු­වෙන් ඊයේ වන විට අව­සන් වූ පැය 24ක කාල­සී­මා­වේදී පුද්ග­ල­යන් 15 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔඩීෂා පළාතේ පම­ණක් මරණ 10ක් වාර්තා වන බවත්, උෂ්ණ­ත්වය සෙල්සි­යස් අංශක 50 පසු­කර ඇති බවත් වැඩි­දු­ර­ටත් වාර්තා වේ.

ANC හි නායක සිරිල් රමපෝසාට සභාගයක් පිහිටුවීමට සිදුවනු ඇත.

සුඩානයේ පවතින සන්නද්ධ ගැටුම් හේතුවෙන් එරට ජනතාව සාගතයේ සහ මරණයේ අවදානමට ලක්ව සිටිති. මේ වන විට සුඩානයේ දරුවන් මිලියන 13.6 කට මානුෂීය ආධාරවල හදිසි අවශ්‍යතාවක් පවතින බව, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල 29 වැනිදා නිකුත් කළ වාර්තාවක දැක්වේ.

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි අපරාධ නඩු විභාගයේදී චෝදනා 34 කට ඔහු වරදකරු වී තිබේ.

උතුරු සහ මධ්‍යම ඉන්දි­යාවේ ඇතැම් පළා­ත්වල උෂ්ණ­ත්වය සෙල්සි­යස් අංශක 50 ඉක්මවා ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. මීට අම­ත­රව මේ සතියේ එරට නගර 37කට වැඩි ප්‍රමා­ණ­යක උෂ්ණ­ත්වය සෙල්සි­යස් අංශක 45 සීමා­වට ළඟා වී ඇතැයි ද ඉන්දිය මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

ටයි­ටන් නමැති කුඩා වර්ගයේ සබ්මැ­රී­න­ය­කින් ටයි­ටැ­නික් නෞකාවේ නට­බුන් නැර­ඹී­මට ගොස් බ්‍රිතාන්‍ය කෝටි­ප­ති­යකු ඇතුළු පුද්ග­ල­යන් පස්දෙ­න­කුට ජීවිත අහි­මි­වීමේ ඛේද­වා­ච­ක­යෙන් වස­ර­කට පසු අමෙ­රි­කාවේ කෝටි­ප­ති­යකු ද ටයි­ටැ­නික් නට­බුන් ගවේ­ෂ­ණය කිරීමේ චාරි­කා­වක නිර­ත­වී­මට සූදා­න­මින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඇමරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ බැංකු ගොඩනැගිල්ලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website