සයිබර් ප්‍රහාරයකට ලක්වූ TikTok ගිණුම් යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව TikTok සමාජ මාධ්‍ය ජාලය හිමි බයිට්ඩාන්ස් සමාගම පවසයි.
සික් ජාතිකයන් සඳහා ඉන්දියාවේ වෙනම රාජ්‍යයක් බිහි කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ විවිධ ක්‍රියාකාරකම්වල නිරතව සිටින කලිස්තාන් කණ්ඩායමට සහාය වන ප්‍රචාරක වැඩකටයුතු සිදු කළ ‘මුහුණු පොතේ‘ ගිණුම් ඉවත් කිරීමට එහි හිමිකාර මාක් සකර්බර්ගේ මෙටා සමාගම පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මිලියන 968ක ඡන්දය මඟින් මන්ත්‍රීවරු 543 දෙනකු තෝරා පත්කර ගන්නා ලොව විශාලතම මහමැතිවරණය පෙරේදා ඉන්දියාවේදී නිමාවට පත්වූ අතර,
වරක් නෙල්සන් මැන්ඩෙලා නායකත්වය දුන් අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයට වසර 30ක ඉතිහාසයේ පළමු වරට පාර්ලිමේන්තු බහුතරය අහිමි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
2024 විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය බටහිර ඉන්දීය කොදෙව් සහ අමෙරිකාවේ සම සත්කාරකත්වයෙන් අද(02) ආරම්භ වනවා.
ජෙරුසලමේ පිහිටි ස්පාඤ්ඤ කොන්සල් කාර්යාලයට පනවා ඇති සීමා ඉවත් කරන ලෙස කර ඇති ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව ඊශ්‍රායල විදේශ අමාත්‍ය Israel Katz මහතා නිවේදනය කරයි. එම ඉල්ලීම ඉදිරිපත් කර තිබුණේ ස්පාඤ්ඤ විදේශ අමාත්‍ය Jose Manuel Albares මහතා විසිනි.
උතුරු සහ මධ්‍යම ඉන්දියාවේ ඇන අධික උෂ්ණත්වය හේතුවෙන් ඊයේ වන විට අවසන් වූ පැය 24ක කාලසීමාවේදී පුද්ගලයන් 15 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔඩීෂා පළාතේ පමණක් මරණ 10ක් වාර්තා වන බවත්, උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 පසුකර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.