ජාත්‍යන්තර පුවත්

සුඩානයේ පවතින සන්නද්ධ ගැටුම් හේතුවෙන් එරට ජනතාව සාගතයේ සහ මරණයේ අවදානමට ලක්ව සිටිති. මේ වන විට සුඩානයේ දරුවන් මිලියන 13.6 කට මානුෂීය ආධාරවල හදිසි අවශ්‍යතාවක් පවතින බව, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල 29 වැනිදා නිකුත් කළ වාර්තාවක දැක්වේ.

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි අපරාධ නඩු විභාගයේදී චෝදනා 34 කට ඔහු වරදකරු වී තිබේ.

උතුරු සහ මධ්‍යම ඉන්දි­යාවේ ඇතැම් පළා­ත්වල උෂ්ණ­ත්වය සෙල්සි­යස් අංශක 50 ඉක්මවා ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. මීට අම­ත­රව මේ සතියේ එරට නගර 37කට වැඩි ප්‍රමා­ණ­යක උෂ්ණ­ත්වය සෙල්සි­යස් අංශක 45 සීමා­වට ළඟා වී ඇතැයි ද ඉන්දිය මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

ටයි­ටන් නමැති කුඩා වර්ගයේ සබ්මැ­රී­න­ය­කින් ටයි­ටැ­නික් නෞකාවේ නට­බුන් නැර­ඹී­මට ගොස් බ්‍රිතාන්‍ය කෝටි­ප­ති­යකු ඇතුළු පුද්ග­ල­යන් පස්දෙ­න­කුට ජීවිත අහි­මි­වීමේ ඛේද­වා­ච­ක­යෙන් වස­ර­කට පසු අමෙ­රි­කාවේ කෝටි­ප­ති­යකු ද ටයි­ටැ­නික් නට­බුන් ගවේ­ෂ­ණය කිරීමේ චාරි­කා­වක නිර­ත­වී­මට සූදා­න­මින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඇමරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ බැංකු ගොඩනැගිල්ලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2024 මැයි 27 සිට ජූනි 1 දක්වා පැවැත්වෙන සෞඛ්‍ය සභාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා සහභාගි වී තිබෙයි.

චීනයේ ෆූචොව් නගරයේ පැවති එම සමුළුව 25 වැනිදා අවසන් විය.

බටහිර බෙංගාල සහ බංග්ලාදේශ වෙරළ තීරයට ඊයේ රාත්‍රීයේදී කඩා වැදුණු රෙමාල් සුළි කුණාටුව ජීවිත දෙකක් බිලිගෙන ඇතැයිද, නැඟෙනහිර ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ මිලියනයක ජනතාව අවතැන් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පැපුවා නිව්ගිනියාවේ පසුගියදා සිදුවූ දැවැන්ත නායයෑමකින් 670 දෙනකු පොළොවට මිහිදන් වූ බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරින් තක්සේරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දරුවන් 9ක් ඇතුළු 33ක් මරුට / හිමිකරු යුව්රාජ් සිං අත්අඩංගුවට

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website