රුසියා - යුක්‍රේන යුද්ධයේදී මියගිය මෙරට විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 14 දක්වා ඉහළට
පාකිස්තානයෙන් සහ ඉරානයෙන් පිටුවහල් කරනු ලබන ඇෆ්ගනිස්තාන සංක්‍රමණිකයන් එම රටවලදී දැඩි වධහිංසාවලට ලක්වී ඇතැයි ඇෆ්ගනිස්තානයේ ටොලෝ පුවත් සේවය වාර්තා කළේය. එම සිදුවීම් සම්බන්ධව ජාත්‍යන්තරයේ අවධානය යොමු වී ඇතැයි ද ටොලෝ පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
තායිවානයේ නැඟෙනහිර තායිවානයේ මුහුදුබඩ ආශ්‍රිත පළාතක ඊයේ රිච්ටර් මාපකයේ 5.8ක අගයකින් යුතු භූ කම්පනයක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පැරිස් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට දින 79කට පෙර ඔලිම්පික් ගිනිසිළුව දැඩි ආරක්‍ෂාව මධ්‍යයේ ප්‍රංශයේ දකුණු වරාය නගරයක් වන මාර්සෙයිල් වෙත පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කොවිඩ් වයිරසයට එරෙහිව නිපදවනු ලැබූ ඇස්ට්‍රසෙනෙකා එන්නත ලොව පුරා සියලු රටවලින් ඉවත් කරගැනීමට එහි නිෂ්පාදන සමාගම පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අමෙරිකාවේ විරෝධය මැද ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ රෆා නගරය ආක්‍රමණය කිරීම සැලකිල්ලට ගනිමින් ඊශ්‍රායලයට බෝම්බ සැපයුම තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකාව පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
සුප්‍රකට බටහිර ගායිකා මැඩෝනාගේ ලෝ වටා සංගීත චාරිකාව අතරතුර බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවර කොපකාබානා මුහුදු වෙරළේ නොමිලේ පැවැති සංගීත ප්‍රසංගය නැරැඹීමට ලක්ෂ 16ක ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් සහාභාගි වී ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය.
සංවේදී දර්ශන සහ ප්‍රකාශ මුදා හැරීම වැළැක්වීමේ අරමුණ ඇතිව චීනයේ සමාජ මාධ්‍යජාලා පාලනයට එරට රජය පනවා ඇති නීතිරෙගුලාසි ඊයේ සිට දැඩි කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.