ජාත්‍යන්තර පුවත්

මේ වන විට ඊශ්‍රායල හමුදා හා හමාස් සංවිධානය අතර ගාසා තීරයේ ඇවිලී තිබෙන සටන් මෙම වසර පුරාම පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව ඊශ්‍රායල හමුදාව පවසයි.

අඟහරුවාදා, 02 ජනවාරි 2024 10:33

බටහිර ජපානයේ සුනාමි අවදානමක්

බටහිර ජපානයේ ඊයේ (01දා) සවස හටගත් රිච්ටර් මාපකයේ 7.8ක් වශයෙන් සටහන් වූ ප්‍රබල භූමිකම්පාවක් හේතුවෙන් ගොඩනැඟිලි හා නිවාස කඩා වැටී ඇති අතර දැඩි සුනාමි අවදානමක් හට ගැනීම හේතුවෙන් එම භූමිකම්පාව සිදු වූ වෙරළබඩ ප්‍රදේශවල සිටින ජනතාව ඉවත් කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.

අඟහරුවාදා, 02 ජනවාරි 2024 10:32

බටහිර ජපානයේ සුනාමි අවදානමක්

බටහිර ජපානයේ ඊයේ (01දා) සවස හටගත් රිච්ටර් මාපකයේ 7.8ක් වශයෙන් සටහන් වූ ප්‍රබල භූමිකම්පාවක් හේතුවෙන් ගොඩනැඟිලි හා නිවාස කඩා වැටී ඇති අතර දැඩි සුනාමි අවදානමක් හට ගැනීම හේතුවෙන් එම භූමිකම්පාව සිදු වූ වෙරළබඩ ප්‍රදේශවල සිටින ජනතාව ඉවත් කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.

මාධ්‍ය හමුවක් අතරතුර පුද්ගලයකු විසින් දකුණු කොරියානු විපක්ෂ නායකවරයාට සිදු කළ පිහි ඇනුමකින් බරපතළ තත්ත්වයට පත්ව රෝහල්ගත කර තිබේ.දකුණු කොරියානු විපක්ෂ නායක ලී ජේ මියනග් ට මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ එරට බූසාන් නගරයේදීය.

එංගලන්තයේ ඩෝසෙට්හි ජුරාසික් වෙරළ තීරයේ කඳු ප්‍රපාතයන්ගෙන් දැවැන්ත මුහුදු රකුසෙකුගේ හිස්කබලක් සොයාගෙන තිබේ. එය, මීට වසර මිලියන 150කට පමණ පෙර මහා සාගරය ත්‍රස්ත කළ දරුණු සාගර උරගයෙකු වන ප්ලයෝසෝරයෙකුගේය.

වසර 72 කට පසු චීනයේ අගනුවර වන බීජිං නගරයෙන් වාර්තා වූ දීර්ඝතම ශීත සමය මෙම දෙසැම්බර් මාසයේදී වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

නේපාල ක්‍රිකට් තරුවකවන සන්දීප් ලැමිචනේ (Sandeep Lamichhane) ස්ත්‍රී දූෂණ චෝදනාවකට කත්මන්ඩු දිසා අධිකරණය සිකුරාදා වරදකරු කළේය.

ලොව ධනවත්ම පුද්ගලයන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව අමෙරිකාවේ එලෝන් මස්ක් දෙවැනි තැනට ඇද දමමින් ප්‍රංශයේ ප්‍රකෝටිපති ව්‍යාපාරික බර්නාඩ් ආර්නෝල්ට් පළමු තැනට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ලබන වසරේ පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂයෙන් තරග වැදීමට නියමිත හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට මේන් ප්‍රාන්තය සඳහා තරග කළ නොහැකි බව ප්‍රාන්තයේ ප්‍රධාන පෙළේ මැතිවරණ නිලධාරිවරයෙකු වන ෂෙන්නා බෙල්ලොව්ස් පවසා තිබේ.

සිකුරාදා, 29 දෙසැම්බර් 2023 10:22

ඔස්ට්‍රේලියාවේ කුණාටුවලින් 10ක් මරුට

නැගෙනහිර ඔස්ට්‍රේලියාව හරහා හමා ගිය දරුණු කුණාටුවක් හේතුවෙන් හටගත් ධාරානිපාත වැසි, තද සුළං හා ජලගැලීම් නිසා නව හැවිරිදි කුඩා දැරියක් ඇතුළු පුද්ගලයන් 10 දෙනකු මිය ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය පවසයි.

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website