ජාත්‍යන්තර පුවත්

රුසියාවේ මොස්කව් අගනගරයේ නර්තන තරගාවලියක් පැවැත්වෙමින් තිබූ Crocus City නාට්‍ය ශාලාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් 60ක් පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සෙනසුරාදා, 23 මාර්තු 2024 11:22

කේට් කුමරිය ගැන නරක ආරංචියක්

තමා පිළිකා රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබාගන්නා බව වේල්සයේ කුමරිය වන කේට් මිඩ්ල්ටන් පැවසුවාය.

ඇමරිකා එක්සත් ජනපදයේ දැනට භාවිත කරන ආනයනික එකම ඇස්බැස්ටොස් වර්ගය භාවිත කිරීම තහනම් කිරීමට එරට පාරිසරික ආරක්ෂණ ආයතනය විසින් (18දා) පියවර ගෙන තිබේ.

අප්‍රිකානු රටක් වන සුඩානයේ රජයේ හමුදා හා රැපිඩ් සපෝට් ෆෝර්සස් නමැති කැරළිකාර කණ්ඩායම අතර පවතින දරුණු සිවිල් යුද්ධය හේතුවෙන් එරට ලොව දරුණුම සාගතය පවතින රට බවට පත් වන ලකුණු පෙනෙන්නට ඇති බව එක්සත් ජාතින්ගේ සංවිධානය පවසයි.

බ්‍රහස්පතින්දා, 21 මාර්තු 2024 09:15

ද. කොරියානු නැවක් කණපිට පෙරළී අටක් මරුට

තෙල් හා රසායන ද්‍රව්‍ය ප්‍රවාහනය කරන දකුණු කොරියාවේ ලියාපදිංචි නෞකාවක් ජපානයේ බටහිර වෙරළබඩ ප්‍රදේශයේදී ඊයේ(20) කණපිට පෙරළීම හේතුවෙන් එම නෞකාවේ ගමන් ගත් නැවියන් අටදෙනකු මිය ගොස් ඇති අතර

අතිශය උණුසුම්කාරී දේශගුණික තත්ත්වයකට මුහුණ පා සිටින දකුණු සුඩානයේ සියලු පාසල් සති දෙකක කාලයකට වසා දැමීමට එරට රජය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සිය දරුවන් නිවෙසින් පිටතට නොයවන ලෙස එරට සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශ ඒකාබද්ධව නිවේදනයක් නිකුත් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

පාකිස්තාන හමුදාව විසින් ඇෆ්ගනිස්තානයට ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දැඩි ආහාර හිඟයකට සහ දිනකට පැය 18ක විදුලි කප්පාදුවට එරෙහිව කියුබානු කොමියුනිස්ට් රජයට එරෙහිව එරට ජනතාව දැවැන්ත විරෝධතාවක නිරතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දශක ගණනාවකට පසු කියුබාවේ පැවැත්වෙන රාජ්‍ය විරෝධී විශාලතම විරෝධතාව එය බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

සෝමා­ලි­යානු මුහුදු කොල්ල­ක­රු­වන් විසින් පැහැ­ර­ගත් භාණ්ඩ ප්‍රවා­හන නෞකා­වක් සහ එහි කාර්ය මණ්ඩ­ලයේ සාමා­ජි­ක­යන් 17 දෙනකු මුදා ගැනී­මට ඉන්දීය නාවික හමු­දාව සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රුසියන් ජනාධිපතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමිවීව ඇත.

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website