Editor

Editor

ගල්කිස්ස වෙරළ තීරයේ දී දිය වැලකට හසුව ගසාගෙන යමින්දෙනෙකුගේ දිවි බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි ගල්කිස්ස පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් සමත්ව තිබේ.

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදලට වඩා වැඩියෙන් වියදම් කර ඇති බවට අධිකරණයේදී අනාවරණය වුවහොත් ඔහුගේ ධුරය අහිමිවෙනවා මෙන්ම අපේක්ෂකයාගේ ප්‍රජා අයිතියද වසර තුනක් සඳහා අහෝසි වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

ඉදිරි ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා පොලිස් නිලධාරීන්ට දින දෙකක් ලබාදීමට තීරණය කල බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කුයිල්වත්ත ප්‍රදේශයේ අලුතින් විවෘත කිරිමට ලබා දි ඇති මත්පැන් අලෙවි බලපත්‍රය අවලංගු කිරිමට රජය පියවර නොගතහොත් වටවල ප්‍රදේශයේ කිසිදු ජන්ද දායකයෙකු ජනාධිපතිවරණයේදි කිසිදු අපෙක්ෂකයෙකුට ජන්දය භාවිතා කිරිමෙන් වැලකි සිටින බව මත්පැන් අලෙවිසැල විවෘත කිරිමට එරෙහිව උද්ඝෝෂණයේ නිරත වු වතු කම්කරුවන් පිරිසක් පැවසිය.

අප්‍රිකානු මහාද්වීපයෙන් ලොවට ව්‍යාප්ත වූ වඳුරු උණ වයිරසය ආසාදිත තවත් පුද්ගලයකු පාකිස්තානයෙන් හඳුනා ගැනීමටත් සමඟ එරට වඳුරු උණ ආසාදිතයන්ගේ ගණන 4 දක්වා ඉහළ ගිය බවත්, පිලිපීනයෙන් ද තවත් ආසාදිතයන් තිදෙනකු හඳුනාගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

හමාස් සංවිධානය පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයේදී ප්‍රාණ ඇපයට ගත් ඊශ්‍රායල ජාතිකයන් හය දෙනකුගේ සිරුරු දකුණු ගාසා තීරයට අයත් රෆා නගරයේ උමගක තිබී සොයාගත් බවත් එම ප්‍රාණ ඇපකරුවන් හයදෙනා හමාස් සංවිධානය විසින් කුරිරු ලෙස ඝාතනය කරනු ලැබ ඇති බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කරයි.

හිටපු ජනාධිපතිවරුන් නඩත්තු කිරීමට යන මුදල් ඇතුළු මහජන මුදල් කාබාසිනියා කිරීම නතර කළහොත් රටට පහසුවෙන්ම මුදල් ලැබෙන බව ජාතික ජන බලවේග ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

ජනාධිපතිවරණයේදී එක් ඡන්ද දායකයකුට අපේක්ෂකයින් තිදෙනෙක් වෙනුවෙන් ඡන්දය සලකුණු කළ හැකි බව මැතිවරණ කොමිසම පවසයි.එහිදී 1,2 සහ 3 ලෙස එය සටහන් කළ යුතු බවත් කතිරය ( X) ගසා ඡන්දය සලකුණු කළ හොත් වෙනත් සලකුණ සටහන් කළ නොහැකි බවත් සදහන් කරයි.

මෑත දින කිහි­පය ඇතු­ළත නිරි­ත­දිග පාකි­ස්තා­නයේ බලු­කි­ස්තාන ප්‍රාන්තයේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා­ව­ලින් ජීවිත රැසක් අහි­මි­ වීම එම ප්‍රාන්තයේ දශක ගණ­නා­වක් පුරා ඇවි­ළෙන කැරැ­ල්ලක් බවත්, ඊට එකම විස­ඳුම ලෙස බලු­කි­ස්තාන විමුක්ති හමු­දාව එම කලා­ප­යට ස්වාධීන පාල­න­යක් ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website