Editor

Editor

මෙරටට පැමිණ සිටින සෞදි අරාබි රාජ්‍යයේ ආර්ථික සහ සැලසුම් අමාත්‍ය ෆයිසාල් එෆ්. අලිබ්‍රහීම් මහතා (Faisal F.Alibrahim) සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වීය.

පසුගිය දා තමන් සාර්ථකව පෘථිවි කක්ෂයේ රැඳවූ ඔත්තු නිරීක්ෂණ චන්ද්‍රිකාව, ඇමෙරිකන් ජනාධිපති මැදුර හෙවත්, ධවල මන්දිරයේත්, ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනයේත් ඡායාරූප ලබාගෙන ඇතැයි උතුරු කොරියාව පවසයි.

අඟහරුවාදා, 28 නොවැම්බර් 2023 09:05

නව ක්‍රීඩා ඇමැති හරින්

ක්‍රීඩා හා යෞවන කටයුතු නව අමාත්‍යවරයා ලෙස සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දී දිවුරුම් දුන් බව

අඟහරුවාදා, 28 නොවැම්බර් 2023 09:01

ඇමැති තනතුරුවලින් රොෂාන් දොට්ට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ක්‍රීඩා, යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම සියලුම ධුරවලින් ඊයේ (27දා) සවස ඉවත් කර ඇත.

බ්‍රහස්පතින්දා, 23 නොවැම්බර් 2023 09:35

කිරි අල රටින් ගෙන්වීම ගැන වාර්තාවක් ඉල්ලයි

කිරි අල සහ එළවළු බෝග කිහිපයක් ආනයනය කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධව වාර්තාවක් දෙන්නැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

බ්‍රහස්පතින්දා, 23 නොවැම්බර් 2023 09:30

උසස් පෙල විභාගය ගැන අධිකරණ තීන්දුව මෙන්න…

උසස් පෙළ විභාගය කල්දමන ලෙස ඉල්ලීම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලද මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම් අද (22) විභාගයට ගැනුන අතර, එහිදී අංක SC/ FR/240/2023 නඩුව නිෂ්ප්‍රභා වී ඇති අතර SC/ FR/254/2023 දරන නඩුව පෙත්සම්කාර පාර්ශවය විසින් ඉල්ලා අස්කර ගෙන තිබේ.

බ්‍රහස්පතින්දා, 23 නොවැම්බර් 2023 09:27

ගාසා තීරයට දින 4ක සටන් විරාමයක්

හමාස් සංවිධානය විසින් රඳවා ගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් 240ක පමණ පිරිසෙන් 50ක් පමණ දෙනා නිදහස් කර ගැනීම සඳහා හමාස් සංවිධානය සමග දින හතරක සටන් නතර කිරීමේ එකඟතාවයකට එළඹීමට ඊශ්‍රායලය තීරණය කර තිබේ.

2021 වසරට වඩා 2022 වසරේ සියයට 48ක් ඒ. අයි. වී. ආසාදිතයන්ගේ වැඩිවීමක් දක්නට ඇතැයි ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය ඊයේ (22 දා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය සම්මන්ත්‍රණයක දී පැවසුවාය.

ගාසා තීරයේ ඊශ්‍රායල හමුදාවන් හා හමාස් සංවිධානය අතර හටගෙන ඇති යුද්ධය අරාබි හා ඉස්ලාමිය රටවල සහය ඇතිව හැකි ඉක්මනින් අවසන් කිරීමට සිය රට උත්සාහ දරන බව චීනය පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website