Editor

Editor

ලංකා සතොස සමාගම විසින් ගොඩනැගිලි කුලියට ගැනීමේ මාර්ගෝපදේශවලට පටහැනිව හිස් ඉඩම් සඳහා අනාගතයේ දී වෙළෙඳසල් ඉදිකිරීමේ උපකල්පනය මත පුද්ගලයන් 29 දෙනකුට අත්තිකාරම් මුදල් ලෙස රුපියල් තුන්කෝටි හතළිස් දෙලක්ෂ තිස්හතරදහස් නමසියඅනූහයක (34,234,996) මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

කොරියානු නැව් ඉදිකිරීම් රැකියා සදහා පුහුණු ශ්‍රමිකයින් යොමු කිරීම ඉලක්ක කරගනිමින් පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සදහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරේ.

කිසිඳු හිඟයකින් තොරව දිවයින පුරා පිරවුම්හල්වලින් ඉන්ධන ලබාගැනීමේ හැකියාව පවතින බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

මාලබේ හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක් අසල කැපුම් තුවාල සහිතව දරුවෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

බ්‍රිතාන්‍ය හිටපු අගමැති බොරිස් ජොන්සන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඊයේ ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර තිබෙනවා.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණෙන සහ එයින් පිටත්ව යන ගුවන් මගීන්ට කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම ස්වයංක්‍රීය ආගමන විගමන පාලන පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා ගිවිසුම් අත්සන් තබා තිබෙනවා.

සංහිඳියාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළ නීති කෙටුම්පත් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධව පැවැති සාකච්ඡාවකදී උපදෙස් දුන්නේය.

මෙරට ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් විය හැකි බැවින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණයට නිර්දේශ නොකරන බව ජාතික ආරක්‍ෂාව පිළිබඳ අංශික අධීක්‍ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවට ඊයේ (9 දා) දින විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර සිටී.

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් විකිණීම අනුමත නොකරන බවට කළ නිර්දේශය පිළි නොගැනීමට රජය තීරණය කර තිබේ.

තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ශණය කර ගැනීම සඳහා ක්‍රියාත්මක කෙරෙන තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහන හෙට (10) හම්බන්තොටින් ආරම්භ කෙරේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website