Editor

Editor

කොළඹ වරායේ නැංගූරම්ලා තිබූ විජේබාහු නෞකාවේ දෙවැනි අණදෙන නිලධාරියා එම නෞකාව තුළ ගෙලවැලලා ගෙන මියගොස් ඇතැයි වරාය පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ කපිතාන් ආර් රාජපක්ෂ මහතායි. 44 හැවිරිදි රාජපක්ෂ මහතා ගෙලවැලලාගෙන මියයෑම පිළිබඳව වරාය පොලිසිය ඊයේ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර නාවික හමුදා භටයින්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

වානිජ බැංකු විසින් ඊයේ (15 දා) ප්‍රකාශයට පත් කරන ලද නවතම විනිමය අනුපාත අගයන්ට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ඊයේ දිනයේ බොහෝ බැංකුවල රු. 330 ක් පමණ දක්වා විශාල ලෙස ඉහළ ගියේය.

මෙරට රාජ්‍ය පාලනය තුළ තිරසර ඩිජිටල් සංවර්තනයක්(SustainableDigital Transformation)ඇති කිරීමේ හා ශක්තිමත් කිරීමේ අරමුණින්,ධාරිතා ප්‍රවර්ධන මූලෝපායක්(Capacity Building Strategy)ක්‍රියාත්මක කෙරේ.

මේ වසර අවසන් වන විට මෙරට ආයෝජන සම්බන්ධයෙන් නව පනතක් සම්මත කිරීමට රජය අපේක්ෂා කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

කුල දරුවන් සසුන් ගත කිරීමට අදාළව අවම වයස් සීමාවක් පිළිබඳව මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් සමඟ පැවැති සාකච්ඡාවේදී මේ පිළිබඳව කාරක සංඝ සභාව සමඟ තවදුරටත් සාකච්ඡා කර ඉදිරියේ දී තීරණයක් ගැනීම වඩාත් සුදුසු බව උන්වහන්සේලා අනුශාසනා කළ බව බුද්ධශාසනආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

මෙවර යල කන්නයේ දී ගොවීන්ට පොහොර මිල දී ගැනීම සඳහා රජය විසින් නිකුත් කර ඇති වවුචර් පත් සියයට 90කටත් වඩා මේ වනවිට නිකුත් කර අවසන් කර ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ශ්‍රි ලංකා ටෙලිකොම් සමාගම පොද්ගලීකරණය සමිබන්දයෙන් රඡය පාර්ශවයෙන් ඇති යෝජනාව පිලිබද ලංකා බිස්නස් ලයින් මීට මාස තුනකට පමණ පෙර අපගේ අදහස සමාඡ ගත කරා.

අනවසර සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් මෙලෙස අනතුරට ලක් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

රජයේ ආරාධනයක් මත ශ්‍රීලංකාව හා බ්‍රසීලය අතර සීනී නිෂ්පාදනය හා බැඳි කරුණු සොයාබැලීම සහ අධ්‍යනය කිරීම සඳහා බ්‍රසීලයේ සීනි නිෂ්පාදනයට සම්බන්ධ ආයතන වල නියෝජිතයින් පිරිසක් ඉකුත් (13) වෙනිදා ලංකා සීනි සමාගමට අයත් සීනි කර්මාන්තායතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.

ලොව සංවර්ධිත සෑම රටක්ම ඉදිරියට පැමිණ ඇත්තේ එම රටේ මානව සම්පත දියුණු කිරීමෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website