Editor

Editor

කුරුලු උණ වාර්තා වී ඇති කිසිදු රටකින් සතුන් හෝ සත්ව නිෂ්පාදන ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට ඉඩනොදෙන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අපරාධ වලින් උපයා ගත් මුදල් රාජසන්තක කිරීමට අවශ්‍ය නව නීති සකසා අවසන් බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රජපක්ෂ මහතා පවසයි.

විවිධ බැංකු ,වාණිජ ආයතන ,අන්තර් ජාතික ආයතන නාමයන් භාවිතා කරමින් පරිත්‍යාග ,මුදල් තෑගි ,දිනුම් වාසනා , රැකිරක්ෂා ලබාදීමට ,ලියපදිංචි වන ලෙස දන්වමින් එවනු ලබන ව්‍යාජ පණිවුඩ වලින් ප්‍රවේසම් වන ලෙස ශ්‍රීලංකා සර්ට් (Sri Lanka CERT) ආයතනය මහජනතාවගෙන් ඉල්ලාසිටියි.

අර්ථසාධක මුදල් ගෙවීම පැහැර හැර ඇති ආයතන 15000 එරෙහිව නඩු පවරා ඇතිබව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

රටේ දේශපාලන තත්ත්වය සහ ආණ්ඩුවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර සතිපතා සිදුවන විශේෂ හමුවීම් සඳහා තවත් දේශපාලනඥයන් පැමිණීම හේතුවෙන් එම ද්විපාර්ශ්වික සාකච්ඡා බිඳ වැටෙන තත්ත්වයකට පත්ව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.

විදේශගත වී සිට ලංකාවට යළි පැමිණි ශ්‍රමිකයන් සහ සේවයේ නියුතු විදේශගත ශ්‍රමිකයන්ගේ පවුල්වල සාමාජිකයින් ඒකරාශී කරගනිමින් ශ්‍රී ලංකාව තුළ නව ව්‍යවසායකයින් ලක්ෂයක් බිහිකිරීමට කටයුතු කරන බවත්

උප්පැන්න සහතිකයක් නොමැතිවීම හේතුවෙන් මෙතෙක් ජාතික හැඳුනුම්පතක් ලබාගැනීමට නොහැකි වු වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට තවදුරටත් අවස්ථාව පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

ලොව ප්‍රථමවරට කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයකු බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ආණ්ඩුව විසින් දේපල මත පණවන බද්ද ( ධන බද්ද) 2025 අප්‍රේල් සිට ක්‍රියාත්මක කිරීමට සුදානම් බව පසුගියදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශ කළ අතර මුදල් අමාත්‍යංශය විසින් එම බදු අයකිරීම ප්‍රථම නිවාසයෙන් නොව කුලියට ලබාදී ඇති නිවාස වලින් පමණක් අයකරන බව නිවේදනය කළද එය පිළිනොගන්නා බව එක්සත් ජනරජ පෙරමුණ පවසයි.

අමෙරිකාවේ ළාබාලතම උපාධිධාරියා ලෙස ඉන්දීය සම්භවයක් සහිත 12 හැවිරිදි සිසුවකු නිව්යෝක් නුවර මැල්වර්න් උසස් විද්‍යාලයෙන් උපාධිය ලැබීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website