Editor

Editor

රහස් තොරතුරු හෙළිදරව් කිරීමේ වෙබ් අඩවියක් වන විකිලීක්ස්හි නිර්මාර්තෘ ජූලියන් අසාන්ජ්ව වසර ගණනාවකට පසුව එක්සත් රාජධානියේ බන්ධනාගාරයකින් නිදහස් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගාසා තීරයේ ළමුන් 21,000 කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදහන් වී ඇති බව බ්‍රිතාන්‍ය ආධාර කණ්ඩායමක් වන Save the Children ප්‍රකාශ කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙකු ලෙස තරග වදින බව හෙට දිනයේ ප්‍රකාශ කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කරයි.

මෙරට විදුලි වාහන එකලස් කිරීම සඳහා තනි සමාගමකට ප්‍රතිලාභ සැලසෙන ලෙස කැබිනට් අනුමැතියක් ලබාගෙන ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ වත්මන් කාර්යසාධනය සම්බන්ධයෙන් ර‍ජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු විය.

උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන වෙනුවෙන් බොහෝ රාජ්‍ය නිලධාරින් කැපවී කටයුතු කරද්දි, එය කඩාප්පල් කිරීමට උත්සාහ කරන සුළුතරයක් පිළිබඳව ද කරුණු වාර්තා වී ඇති බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එවන් නිලධාරීන් පිළිබඳ

ලංකා බැංකුවෙන් හා මහජන බැංකුවෙන් රාජ්‍ය වියදම් පියවා ගැනීමට මුදල් ණයට ගැනීම අත්හිටුවා තිබේ.

චීන-ප්‍රංශ උසස් අධ්‍යාපන සංසදය පැරිස් නුවර දී පැවැත්වෙයි. චීන අධ්‍යාපන අමාත්‍යාංශය සහ ප්‍රංශ උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍යාංශය එක්ව සංවිධාන කළ එය 21 වැනිදා පැවැත්විණ.

රුසියානු පාලනය යටතේ පවතින ඩැගෙස්තාන් කලාපයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවී තිබේ.

කුරුලු උණ වාර්තා වී ඇති කිසිදු රටකින් සතුන් හෝ සත්ව නිෂ්පාදන ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට ඉඩනොදෙන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website