Editor

Editor

සෙනසුරාදා, 26 අගෝස්තු 2023 10:45

ශානි අබේසේකර ඇතුළු 4ක් නිදහස්

ගම්පහ කලගෙඩිහේන ප්‍රදේශයේ පිහිටි නිවසක පිටුපස තිබූ දර මඩුවක ටී 56 වර්ගයේ ගිනි අවි සහ ක්ලේමෝ බෝම්බයක් ඇතුළු ආයුධ සහ පුපුරන ද්‍රව්‍ය සඟවා තබා එම අවි සහ පුපුරන ද්‍රව්‍ය හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන්ට අයත් යැයි කියමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට බොරු සාක්ෂි නිර්මාණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්

ජපානය ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ සිට පැසිෆික් සාගරයට පිරිපහදු කළ අපජලය මතභේදාත්මක ලෙස මුදා හැරීම ආරම්භ කිරීමත් සමග කලාපය තුළ විරෝධතා මතුව ඇති අතර චීනය විසින් ජපානයෙන් මුහුදු ආහාර ආනයනය සම්පූර්ණයෙන් නතර කරනු ලැබ තිබේ.

මරණය සැක සහිතයි – ඥාතීහු කියති
ත්‍රීකුණාමල පොලිසියේ සිර මැදිරිය තුළ සැකකරුවකු ගෙල වැළලාගෙන මියයෑමේ සිද්ධියක් මුල් කරගෙන ත්‍රීකුණාමල ජමාලියා හන්දියේදී පෙරේදා (23 දා) රාත්‍රියේ කුපිත වූ පිරිසක් මාර්ගය වසාදමා විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර තිබුණි.

නිර්වින්දන ඖෂධයක් වන අයිසොෆ්ලොරේන් ෆ්ලොරේන් (iso Florane) නොමැතිවීම හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ ශල්‍යකර්ම සිදු කිරීම අද (25 දා) වනවිට සම්පූර්ණයෙන්ම නතරවීමේ දැඩි අවදානමක් මතුව ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මෙරට දිගම විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය වන පොල්පිටිය සිට හම්බන්තොට දක්වා දිවෙන කිලෝවොට් 220 සම්ප්‍රේෂණ මාර්ගය සහ හම්බන්තොට නව ග්‍රිඩ් උපපොළ ඊයේ (24 වැනිදා) ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම සිදුවිය.

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු දැනට තාවකාලිකව අත්හිටුවා ඇති විදේශ ණය ගෙවීම යළි ආරම්භ කිරීම නිසා විනිමය අනුපාතයට ලොකු බලපෑමක් වීමට ඉඩක් නැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

බ්‍රහස්පතින්දා, 24 අගෝස්තු 2023 09:49

චන්ද්‍රයාන් සඳ මතට

ඉන්දියාව විසින් සඳේ දක්ෂිණ ධ්‍රැවය වෙත යවනු ලැබූ චන්ද්‍රයාන් -3 යානය සාර්ථකව ගොඩ බසිනු ලැබීය.ඉන්දියාවේ වේලාවෙන් පස්වරු 6.03ට එය ගොඩබෑම සිදුවිය.

රුසියානු කුලී හමුදා කණ්ඩායමක් ලෙස හඳුන්වනු ලබන වැග්නර් කණ්ඩායමේ නායක යෙව්ගනි ප්‍රිගොෂින් ඇතුළු 10 දෙනකු ගමන් කරමින් සිටි පෞද්ගලික ගුවන් යානයක් කඩා වැටීමෙන්

දිවයින පුරා දිස්ත්‍රික්ක රැසක සුරාසල් 100 කට වැඩි ප්‍රමාණයකින් ව්‍යාජ ආරක්‍ෂිත ස්ටිකර් යෙදූ මත්පැන් බෝතල් හමුවී ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඊයේ (23දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අගෝස්තු මාසය අවසන් වන තෙක්ම අධික උණුසුම් තත්ත්වය පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා ‘දිවයින’ට ඊයේ (23 දා) පැවසීය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website