Editor

Editor

සිකුරාදා, 18 අගෝස්තු 2023 15:42

වැසූ ඌව වෙල්ලස්ස 21 සිට යළි අරඹයි

දින නියමයක් නොමැතිව දැනට වසා දමා තිබෙන ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ (3) තෙවන වසරේ සියලුම පීඨවල අධ්‍යායන කටයුතු මේ මස 21 වන දින යළි ආරම්භ කරන බව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසයි .

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා හෘද කැතීට කරන ඒකකය සඳහා විශේෂඥ වෛද්යවරයකු නොමැතිවීම හේතුවෙන් එම රෝගීන් අදාළ පරීක්ෂණ සඳහා කොළඹ රිජ්වේ ළමා රෝහල වෙත මාරු කර යවන බව වාර්තා වී තිබේ.

සිකුරාදා, 18 අගෝස්තු 2023 15:28

ජල ගාස්තු සූත්‍රය දෙසැම්බර් සිට

ජල ගාස්තු අයකිරීමේ මිල සූත්‍රය ලබන දෙසැම්බර් මස සිට ක්‍රියාත්මක කරන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා පැවසීය.

සිකුරාදා, 18 අගෝස්තු 2023 15:04

ජල සබඳතා ලක්ෂයක් අනතුරේ

මණ්ඩලයෙන් එවන වතුර බිංදුවක්වත් අපතේ යවන්න එපා

ජල මූලාශ්‍ර 42ක් අවදානමේ ජල නිෂ්පාදනය 9%ක් අඩු වෙයි
ජල සබඳතා 54580කට හරියට වතුර යන්නේ නෑ
තවත් සබඳතා 58866ක් ‘වැට උඩ’ – ඇමැති ජීවන් තොණ්ඩමන් එක්වූ මාධ්‍ය හමුවේදී නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අනෝජා කළුආරච්චි කියයි.

හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ ගින්නෙන් විනාශ වූ කර්මාන්ත ශාලාව සඳහා පරිසර බලපත්‍රයක් ලබාගෙන නොමැති බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.

සිකුරාදා, 18 අගෝස්තු 2023 14:50

බඩඉරිඟු බදු අඩු කරයි

බඩඉරිඟු කිලෝග්‍රෑම් 01ක් මත පනවා තිබූ රුපියල් 75ක ආනයන බද්ද රුපියල් 25 දක්වා අඩු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

පවතින වියළි කාලගුණයත් සමග දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක පානීය ජල සැපයුම සීමා කිරීමට සිදුව ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

වී අලෙවි මණ්ඩලය සතුව වී තොග ඇත්තේ මාසයකටත් අඩු කාලයකට පමණක් බව වී අලෙවි මණ්ඩලය පවසයි.

බ්‍රහස්පතින්දා, 17 අගෝස්තු 2023 08:17

චීනයේ රැකියා වියුක්තිය ඉහළට

චීනයේ තරුණ ප්‍රජාව අතර රැකියා වියුක්තිය ඉහළ යමින් ඇති බව ඉකුත් මාස කිහිපයේදී වාර්තා විය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website