මෙරට සුළං විදුලි බලාගාර දෙකක් ස්ථාපනය කිරීම සඳහා ඉන්දියානු අදානි සමාගමට ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලබාදී තිබෙනවා.
රටේ පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් දැමීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා, විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම අද කැඳවීමට නියමිතව තිබෙනවා.
මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
රට ආර්ථික අර්බුදයෙන් ගොඩගෙන, වසර 25කින් “සංවර්ධිත රටක්” ගොඩනැඟීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ සමඟ එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලුදෙනාට ආරාධනා කළේය.
2014 වර්ෂයේ පරිසර අධ්‍යනයකින් තොරව කොළඹ වරාය නගරය ඉදිකිරීමට ආරම්භ කිරීම තුළින් කොළඹ නගරයට මුහුදු ජලයෙන් ඇතිවීමට තිබූ බියකරු, ව්‍යසනකාරී තත්වයන් 2015 නාගරික සංවර්ධන අමාත්‍යංශය මගින් මෙහෙය වූ නිසි පරිසර අධ්‍යනයකින් හා වස්තු විද්‍යාත්මක සැලසුමකින් මඟහරවා ගැනීමට හැකිවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ජාතික ජන බලවේගය ආණ්ඩුවක් යටතේ සියලු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් වරප්‍රසාද අහිමි කරන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.
පිටිපන පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාල සිසුන් ආරම්භ කළ සත්‍යග්‍රහය විසුරුවා හැරීමට පොලීසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.