Editor

Editor

උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු වෙනුවෙන් පරීක්ෂකවරුන් කැඳවීමට විභාග කොමසාරිස් ජනරාල්වරයා තීරණය කර තිබේ.

කාම්බෝජ විපක්ෂ නායක කෙම් සෝකා වසර 27ක් නිවාස අඩස්සියේ තැබීමට එරට අධිකරණය නියම කර තිබේ.

වෙළෙඳපොළ පොලී අනුපාත තීරණය කරන සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් ඒකක සියයකින් හෙවත් 1% ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහා බැංකුව පියවර ගෙන තිබේ.

එළැඹෙන මාර්තු 9 වැනි දාට පෙර පළාත් පාලන ඡන්ද විමසීමේ දිනය ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසම පවසයි.

දැනුම, ආකල්ප හා කුසලතා වර්ධනයට ඉවහල් විය යුතු අධ්‍යාපන ක්‍රියාවලිය තුළ විෂය මගින් ලබාගන්නා දැනුම ඉන් ඔබ්බට ගෙන ගොස් කුසලතා ඉස්මතු කර නව නිර්මාණකරුවන් බිහි කරන සුවිශේෂී අවස්ථාවක් වශයෙන් තර්ස්ටන් විද්‍යාලයීය ‘පර්සෙප්ෂන්ස් ‘23 (Perceptions ’23)’ චිත්‍ර ප්‍රදර්ශනය හැඳින්විය හැකි බව අද දින එම විද්‍යාලයේ පැවති චිත්‍ර තරග සහතික හා ත්‍යාග ප්‍රදානෝත්වයට එක් වෙමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

නාගරික ජනාවාස ආශ්‍රිතව ජීවත්වන ළමුන්ගේ අධ්‍යාපන තත්ත්වය වැඩිදියුණු කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් කඩිනමින් ආරම්භ කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

වියදම් අධික කාපට් මාර්ග වෙනුවට නව තාක්ෂණයෙන් යුතු අඩු වියදමින් මාර්ග ඉදිකිරීම් පිළිබඳ පර්යේෂණ හා අත්හදා බැලීම් කඩිනම් කරන ලෙස ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා උපදෙස් ලබා දී තිබේ.

චීන රජයෙන් මෙරටට පරිත්‍යාග කළ ඩීසල් තොගය කඩිනමින් ගොවි ජනතාව වෙත බෙදා හරින ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට නියෝග කර තිබේ.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන්ගේ විශේෂ සාකච්ඡාවක් අද (03) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාව තුළ බදු ප්‍රතිපත්තිය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය වූ කාරණයක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට කාර්යාලය පවසනවා.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website