ජාත්‍යන්තර පුවත්

කාම්බෝජ විපක්ෂ නායක කෙම් සෝකා වසර 27ක් නිවාස අඩස්සියේ තැබීමට එරට අධිකරණය නියම කර තිබේ.

මාර්තු 2 (අද) සහ මාර්තු 7 අතර බරපතළ භූචලන ඇතිවීමට නියමිත බව ඕලන්ද භූවිද්‍යාඥ ප්‍රෑන්ක් හුනර්බර්ග් අනාවරණය කර ඇත.

නයිජීරියාවේ නව ජනාධිපතිවරයා ලෙස ආණ්ඩු පක්ෂයේ අපේක්ෂක බෝලා ටිනූබූ තේරී පත්වී තිබේ.

පකිස්ථාන රජය මුදල් නොමැති බව පැවසුව ද , දින 90 ක් තුළ පළාත් 4 න් 2 ක මැතිවරණය පැවැත්විය යුතු බවට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

ග්‍රීසියේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 32 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

නැගෙනහිර යුක්‍රේනයේ බක්මූත් ප්‍රදේශය අත්පත් කර ගැනීමට රුසියාව මේ වන විට තියුණු සටනක නිරත වෙමින් තිබේ.

අඟහරුවාදා, 28 පෙබරවාරි 2023 17:40

කැනඩාව TikTok තහනම් කරයි

චීනයේ නිෂ්පාදිත TikTok ජංගම දුරකතන යෙදවුම තහනම් කිරීමට කැනඩාව පියවර ගෙන තිබේ.

රිච්ටර් මාපකයේ 8.5ක භූ කම්පනයක් ජනනය කිරීමේ හැකියාව ඇති කලාප රැසක් ලොව පුරා ඇතැයිද, ඉන් එක් කලාපයක් නුදුරු අනාගතයේදී විශාල භුකම්පාවකට ලක් වනු ඇතැයි ද පසුගියදා තුර්කියේ දරුණුතම භූ කම්පනය පිළිබඳ අනාවැකිය පළ කළ නෙදර්ලන්ත ජාතිකයා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

ඔස්ට්‍රේලියාව 6 වැනි වරටත් පන්දුවාර 20-20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් කිරුළ දිනා ගත්තේ ය.

අමෙරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ ගුවන් යානයක් අනතුරට පත්විමන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website