සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් සිදුකරන ලද නවතම සමීක්ෂණයක් අනුව ජාතික ජන බලවේගයෙ නායක අනුර දිසානායක මහතාට ජනතා ප‍්‍රසාදය කැපී පෙනෙන ලෙස ඉහල ගොස් ඇත.
පසුගිය අප්‍රේල් මාසයේ සිටම රට තුළ කහ උණ රෝගයට ලබා ගත යුතු එන්නත නොතිබූ බව සෞඛ්‍ය අමතක කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.
තමන් රට වෙනුවෙන් අවශ්‍ය නම් ජාතික ක්‍රිකට් එක්දින ක්‍රිකට් නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක සඳහන් කර තිබේ.
දේශගුණික ගැටළු හේතුවෙන් 2050 වන විට ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.5%ක් අහිමි වන බවට විශේෂඥයින් විසින් අනාවැකි පළ කර ඇති බවත්, එබැවින් ශ්‍රී ලංකාවේ දේශගුණික අනුවර්තන සැලැස්ම සඳහා ප්‍රවේශයන් ද්විත්වයක් අනුගමනය කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව ඊයේ (20) පැවති දේශගුණික අභිලාෂ පිළිබඳ සමුළුව අමතමින් පැවසීය.
පාස්කු ඉරිදා ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදය අද සහ හෙට (21-22) පැවැත්වේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රිකට් ක්‍රීඩකයින් සහ නිලධාරීන් අටදෙනෙකුට එරෙහිව දූෂණ චෝදනා ගොනුකර තිබේ.
ජනතා මතය මර්දනය කිරීමට ආණ්ඩුව අලුත් නීති ගෙන ඒමට කටයුතු කරනවා – සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා
ජපානයේ ටෝකියෝ හි හචියෝජි හිදී පසුගියදා නිමාව දුටු 10 වැනි ලෝක සෞඛ්‍ය චිගොන්ග් තරඟාවලිය සඳහා රටවල් 26කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 235ක් සහභාගි වූහ.
කොළඹ වරායේ අද (20 දා) පැවැත්වෙන වෙන්දේසියකින් රුපියල් කෝටි ගණනක් වටිනා භාණ්ඩ තොගයක් කුණුකොල්ලයට ලබාගෙන වරාය පරිශ්‍රය තුළදීම දෙවැනි වෙන්දේසියක් පැවැත්වීමට එක්තරා කණ්ඩායමක් සැලසුම් කර ඇතැයි වරාය අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.