දේශපාලන සහ සමාජීය පුවත්

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව අද (10) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාර දී තිබේ.

බ්‍රහස්පතින්දා, 10 ඔක්තෝබර් 2024 11:54

තැපැල් ඡන්දයට දින නියම කරයි

මහ මැතිවරණයට අදාල තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම මෙම මස 30 වැනිදා ,නොවැම්බර් මස 01 සහ 04 වැනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

පිටු 64කින් යුත් එන්. සීරිස් විදේශ ගමන් බලපත්‍ර පිටු 48කින් සමන්විත පී. සීරිස් ගමන් බලපත්‍ර ලෙස වෙනස් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (09දා) ආගමන විගමන පාලකවරයාට අවසර ලබාදුන්නේය.

බදාදා, 09 ඔක්තෝබර් 2024 14:02

කැබිනට් තීරණ

කෘෂිකර්ම නවීකරණයට බඳවාගත් නිලධාරීන් හා උපදේශකයන්ගේ සේවය අවසන් කෙරේ

-අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය

අයථා ලෙස ඩොලර් බිලියන ගණනක වත්කම් ඉපැයූ බව කියන පැන්ඩෝරා ලියවිලි වල නම් සඳහන් ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පරීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් පැවැසීය.

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, හරීන්ද්‍ර දිසාබණ්ඩාර මහතා පත්කර තිබෙයි

මහජනතාව විසින් ඉදිරිපත් කර ඇති සියලුම සුළු පැමිණිලි සම්බන්ධයෙන් ඉදිරි සති දෙක තුළ විමර්ශනය කර අවශ්‍ය පියවර ගන්නා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

දේශපාලන බලපෑම් මත යට ගැසූ සහ පසෙක තැබූ මහත් ආන්දෝලනයට තුඩුදී තිබූ අපරාධ සිද්ධීන් 07ක් සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇත.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website