දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ දී ඇති වන ගැටලු සඳහා සිදුකරනු ලැබූ යම් යම් වෙනස්කම් වෙනුවෙන් විටින් විට රුපියල් හත්කෝටි දාහත්ලක්ෂ විසිතුන්දහස් හයසිය හැට දෙකක අමතර මුදලක් (71,723,662) සිංගප්පූරු ආයතනයකට ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
කලින් කලට පාලන තන්ත්‍රයේ සිදුවන දේශපාලන වෙනස්කම්වල බලපෑමකින් තොරව පළාත් සභා සඳහා අවශ්‍ය අරමුදල් ප්‍රමාණය අපක්ෂපාතී ලෙස ආණ්ඩුවට නිර්දේශ කරන බව තහවුරු කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (ජ) ව්‍යවස්ථාව අනුව ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස මුදල් කොමිෂන් සභාව ස්ථාපිත කර ඇත.
සපුගස්කන්ද ඛනිජ තෙල් පිරිපහදුව මෙම 18 වැනිදා සිට ඔක්තෝබර් 8 වැනිදා දක්වා නිෂ්පාදන කටයුතුවලින් බැහැර වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කර තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ අසාධාරණයට පත් UB Finance තැන්පත්කරුවන් පිරිසක් අතර සාකච්ඡාවක් පසුගියදා (30) විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණ.
ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය නිර්මාණය කළේ වත්මන් මහ බැංකු අධපති නන්දලාල් වීරසිංහ බව ජාතික සංවිධාන එකමුතුවේ වෛද්‍ය වසන්ත බණ්ඩාර චෝදනා කරයි.
මේ දිනවල බොහෝ අය අතර කතාබහට ලක්වී තිබෙන මෙනින්ගොකොකල් මෙනින්ජයිටීස්, නැතිනම් මෙනින්ගොකොකල් මෙනින්ජි පටල ප්‍රදාහය නමින් හඳුන්වන රෝගය එතරම් සුලබ නොවෙන නමුත් නිසි ප්‍රතිකාර නොලැබුනහොත් දරුණු සංකූලතා හටගැනීමේ අවදානම ඇති ආසාදන තත්වයක්.
කැලණිවැලි මාර්ගයේ දුම්රිය කාලසටහන අද සිට සති දෙකක කාලයක් සදහා පරීක්ෂණ ධාවනයක් සදහා සංශෝධනය කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.ඒ අනුව සීතාවක ඔඩිසි 9255 ශීඝ්‍රගාමී දුම්රිය ඉරිදා පමණි.සීතාවක ඔඩිසි 9255A ශීඝ්‍රගාමී දුම්රිය සෙනසුරාදා පමණි.
කමිටු වැඩක් නෑ : දූෂිතයන්ට නීතිය ක්‍රියාත්මක කරන්න – වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජී ජී. චමල් සංජීව
ලන්ඩන් නුවර පැවති ‘ලෝක ටයිකොන්ඩෝ ශූරතාවලිය -2023’ සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ මේජර් ආර්.බී.එන්. රත්නායක අවුරුදු 40 ට වැඩි කේවල, ද්විත්ව සහ කණ්ඩායම් ඉසව්වලින් රන් පදක්කම් තුනක් දිනාගැනීමට සමත් විය.