දේශපාලන සහ සමාජීය පුවත්

ඉන්දියාවේ සාංචි චේතියගිරි විහාරාධිපති,ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති සහ ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන් පසුගියදා (30) ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමන්ව අග්‍රාමාත්‍ය නිල නිවස වන නව දිල්ලියේ ලෝක් කල්යාන් මන්දිරයේ දී (Lok Kalyan Marg) හමුවිය.

ජනාධිපතිවරණයේදී එක් ඡන්ද දායකයකුට අපේක්ෂකයින් තිදෙනෙක් වෙනුවෙන් ඡන්දය සලකුණු කළ හැකි බව මැතිවරණ කොමිසම පවසයි.එහිදී 1,2 සහ 3 ලෙස එය සටහන් කළ යුතු බවත් කතිරය ( X) ගසා ඡන්දය සලකුණු කළ හොත් වෙනත් සලකුණ සටහන් කළ නොහැකි බවත් සදහන් කරයි.

කොට්ටාව මත්තල අධිවේගී මාර්ගයේ 118 කණුව ආසන්නයේදී පාර අයිනේ නවතා තිබූ කාර් රථයක පිටුපසින් ආ ලොරියක් ගැටීමෙන් වාහනේ රියදුරා තුවාල ලබා ඇත. මෙම සිදුවීම සිදුවී ඇත්තේ අද උදෑසන 8.40 පමණය.

නවදිල්ලියේ  ඉන්දියා පදනම (Indian Foundation) අටවන වරට සංවිධානය කළ  ධර්ම ධම්ම  ජාත්‍යන්තර සමුළුව පසුගිය 23/24 දෙදින ඉන්දියාවේ ගුජරාට්‍ ප්‍රාන්තයේ අහමෙදාබාද් හි පැවැත් වුණි.

සිකුරාදා, 30 අගෝස්තු 2024 09:50

ශානි අබේසේකරට ඇති තර්ජන

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට පවතින තර්ජනවල ස්වභාවය පිළිබඳව අතිශය රහසිගත වාර්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇතැයි නීතිපතිවරයා අද (29) දැනුම් දුනි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බ්‍රහස්පතින්දා, 29 අගෝස්තු 2024 13:56

පාස්පෝර්ට් ගැටලුව ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති අර්බුදය ඔක්තොබර් 16 වනදායින් පසුව අවසන් වන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධ දෙවැනි තුවක්කුකරුට සහ මෝටර් රථ රියදුරාට ආධාර අනුබල දුන් සහ නවාතැන් සැපයූ බවට හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙක් වන අමල් සිල්වා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

බදාදා, 28 අගෝස්තු 2024 10:03

උතුරට තද වැසි

උතුරු පළාතේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් සිහින් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website