දේශපාලන සහ සමාජීය පුවත්

– නැවේ ආරක්ෂාවට සිටි තිදෙනාගෙන් දෙදෙනෙක් ශ්‍රී ලාංකිකයෝ

– කාර්ය මණ්ඩලය ඉන්දීය නාවික හමුදාවෙන් බේරා ගනී

අවශ්‍ය සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනතුරු පරාටේ නීතිය අත්හිටුවීමේ කැබිනට් තීරණය වහාම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) සහතික විය.

මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකුගේ බිරිඳට හා මව්පියන්ට තර්ජනය කර අල්ලස් ඉල්ලූ බවට චෝදනා එල්ලවන කුරුණෑගල දොරටියාව පොලිසියේ උප පොලිස් පරීක්ෂකයෙකුගේ වැඩ තහනමකට ලක් කර තිබේ.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිල දී ගැනීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා අධිකරණය හමුවේ ඊයේ (06) පැය හතරක රහස් ප්‍රකාශයක් ලබා දී තිබේ.

බ්‍රහස්පතින්දා, 07 මාර්තු 2024 09:02

IMF නියෝජිතයින් අද ජනපති හමුවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකමේ දෙවන වාරිකයට අදාළ සමාලෝචන කටයුතු අද (07) ආරම්භ කිරීමට නියමිතය.

විශ්‍රාම වැටුප් දෙකක් ලබා ගන්නා බවට මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් විසින් කර ඇති ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

සමානුපාතික ඡන්ද ක්‍රමය වෙනස් කොට ආසන මට්ටමින් මන්ත්‍රීන් තෝරාගත හැකිවන පරිදි පවත්නා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අදාළ විශේෂ යෝජනාවක් අමාත්‍ය මණ්ඩල හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

පාසල් සහ පාසල් පරිශ්‍ර දේශපාලන වේදිකා වශයෙන් භාවිත කිරීම තහනම් කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් ආණ්ඩුකාරවරුන් වෙත දැනුම් දී තිබේ. ඊට අදාළව ජනාධිපතිවරයා ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, විෂය භාර ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

336 x 200 Sinhala

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website